spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පවුල් ඒකක මිලියන 03කට මාස තුනක් අමතර දීමනාව හිමිවෙන්නේ මෙහෙමයි

රට තුළ දැනට උද්ගතව ඇති ආර්ථික අර්බුදය හමුවේ අඩු ආදායම්ලාභී පවුල් සඳහා මාස තුනක් සඳහා අමතර දීමනාවක් ලබාදීමට රජය අද (03) තීරණය කළා.

අද පෙරවරුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් වෙළෙඳ අමාත්‍ය ශෙහාන් සේමසිංහ මේ බව සඳහන් කර සිටියා.

හඳුනාගත් ප්‍රතිලාභී පවුල් සඳහා මැයි මාසයේ සිට ජූලි මාසය දක්වා අදාළ සහනය ලබාදීමට නියමිත අතර කාණ්ඩ කිහිපයක් යටතේ එම දීමනාව ලබාදීමට සැලසුම් කර තිබෙනවා.

ඒ අනුව පවුල් ඒකක මිලියන 3.34ක ප්‍රමාණයක් සඳහා එම දීමනාව ලබාදීමට නියමිත අතර, ඒ සඳහා එක් මාසයකට ඇස්තමේන්තු ගත වියදම රුපියල් මිලියන 4,455ක්.

ඒ අනුව එක් එක් කාණ්ඩ සඳහා අදාල අමතර දීමනාව බෙදීයන්නේ මේ ආකාරයෙන්.

WhatsApp Image 2022 05 03 at 11.12.18 AM
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?