පලස්තීන ප්‍රශ්නයට මැදිහත් වෙන්න යැයි කියා UN වෙත සංදේශයක් භාරදෙයි (ඡායාරූප)

පලස්තීන ප්‍රශ්නයට මැදිහත් වන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 159 දෙනෙකුගේ අත්සනින් යුත් සංදේශයක් අද (14) පෙරවරුවේ කොළඹ එක්සත් ජාතීන්ගේ මූලස්ථානය වෙත භාර දී තිබෙනවා.

එම ලේඛනයේ පිටපතක් කොළඹ පලස්තීන තානාපතිවරයා වෙත ද පිළිගන්වා ඇති බවයි වාර්තා වන්නේ.

මෙම සංදේශය භාර දී ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රිෂාඩ් බදියුදීන්, රවුෆ් හකීම්, වීරසුමන වීරසිංහ, ෆවුසි , හලීම්, ඉෂාක් රහ්මාන්, හරීස්, තවුබීක් යන මහත්වරුන් ඇතුළු මහජන කොංග්‍රසයේ ප්‍රමුඛ මන්ත්‍රීවරුන් පිරිසක් විසිනුයි.

WhatsApp Image 2023 11 14 at 14.56.14
WhatsApp Image 2023 11 14 at 14.56.15 1
WhatsApp Image 2023 11 14 at 14.56.15 2
WhatsApp Image 2023 11 14 at 14.56.15