spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

“පරිප්පුවා” STF අත්අඩංගුවට

ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවකු වන දෙමටගොඩ චමින්දගේ සමීපතමයෙකු වන මානවඩුගේ අසංග මධුරංග නොහොත් “පරිප්පුවා” නැමති අපරාධ කල්ලි සාමාජිකයා පොලිස් විශේෂ කර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

තියුණු ආයුධ සමඟ වැල්ලම්පිටිය, කොටුවිල ප්‍රදේශයේ දී මොහු අත්අඩංගුවට ගත් බවයි පොලිස් විශේෂ කර්ය බළකාය සඳහන් කළේ.

ලද තොරතුරකට අනුව සිදුකළ වැටලීම දී මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු සමඟ තවත් පුද්ගලයින් දෙදෙනෙකු සහ කාන්තාවක ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් ‘පරිප්පුවා’ නැමැති අනුවර්ථ නමින් හදුන්වන සැකකරු අත්බෝම්බ ළඟ තබා ගැනීමේ වරදට දෙවරක් සිර දඬුවම් ලබා ඇති අතර මිනීමැරුම් චෝදනාවලට අවශ්‍ය ව සිටි සැකකරුවෙකු ද වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
3
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?