පරිප්පුවාට වෙඩි තැබූ සිද්ධියට තිදෙනෙක් අල්ලයි

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන මානවඩුගේ අසංක නොහොත් ‘පරිප්පුවා’ නැමැත්තා ඉලක්ක කරගෙන වැල්ලම්පිටිය, කොටුවිල ප්‍රදේශයේ දී පසුගිය 07 වනදා සිදුකළ වෙඩි තැබීම සම්බන්ධයෙන් පුද්ගලයන් තිදෙනකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු තිදෙනා අතර, වෙඩි තැබීම සඳහා යතුරුපැදිය පැදවූ පුද්ගලයා මෙන්ම ආධාර අනුබලදීම හා සැලසුම් කිරීම සිදුකළ පුද්ගලයා ද වන බවයි පොලිසිය සඳහන් කළේ.

මේ අතර වෙඩි තැබීමට වෙඩික්කරුවන් පැමිණි යතුරුපැදිය බොරැල්ල ප්‍රදේශයේ දමාගොස් තිබියදී පොලිසිය මඟින් සොයාගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් වයස අවරුදු 28,30 සහ 34 යන වයස්වල පසුවන කොටුවිල, නවගමුව සහ ඉහළ බෝමිරිය යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව සඳහන්.

පරිප්පුවා නැමැත්තා ඔහුගේ සමීපතමයන් කිහිපදෙනකු සමඟ වැල්ලම්පිටිය, කොටුවිල ප්‍රදේශයේ රැදී සිටියදී යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු ටී-56 ගිනි අවියකින් මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර පලාගොස් තිබුණා.

මෙම වැඩි තැබීමෙන් පරිප්පුවා සමඟ සිටි පුද්ගලයකු බරපතළ තුවාල ලැබූ අතර, පරිප්පුවට ඉන් හානියක් සිදුව තිබුණේ නැහැ.

පරිප්පුවා නැමැත්තා කප්පම් ගැනීමේ සිද්ධියක් මුල් කරගෙන මෙම වෙඩි තැබීම ප්‍රතිවිරුද්ධ පාර්ශවයක සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු විසින් මෙහෙයවා ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලම්පිටිය පොලීසියේ වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බලු වැඩ කරන්න එපා ජනාධිපතිතුමා
13:57
Video thumbnail
මහ රෑ සංචාරකයින්ට තරු පෙන්නපු වන අලියා - විදේශිකයන් බිය වී කෑගහයි
01:17
Video thumbnail
සිරිලිය ගිණුමෙන් ශිරන්ති මුදල් හොරකම් කළේ නෑ..අදටත් ඒ ගිණුමේ සුරක්ෂිතව මුදල තියෙනවා
06:20
Video thumbnail
ආණ්ඩුවේ ගොවි රැළියට ලාල් කාන්තවත් ආවේ නෑ.. ජෝඩුවම නෑ
05:00
Video thumbnail
ශිරන්ති රාජපක්ෂ FCID එකෙන් දැනුම්දීමක් තියෙද්දි විදේශ ගත වුණේ නෑ - මනෝජ් හෙළිකරයි
08:47
Video thumbnail
අතුරුදන් වුණා කිව්ව ඥානසාර හිමි උසාවියට - අපි පළා යන්නේ නෑ
01:06
Video thumbnail
මැච් බලන්න එන අයට ක්‍රිකට් බෝඩ් එකෙන් බොන්න දෙනවද..? ඉතිං අපේ රැස්වීමට ආපු අයට අපි බොන්න දුන්නෑ..
02:33
Video thumbnail
රනිල්ව හමුවෙන්න ආ අමුත්තා
02:00
Video thumbnail
ලංගම බස් රථයක ගැටුණු මෝටර් රථය - CCTV දර්ශන
00:46
Video thumbnail
50000ක් විතර මිනිස්සු අපේ රැළියට ආවා - මහින්දට එන්න විනාඩි 40ක් ගියා
01:44