පරිත්‍යාග ලෙස ලැබුණු පිළිකා ඖෂධ අලෙවි කිරීමේ සිදුවීම ගැන විමර්ශනයක්

මහරගම අපේක්ෂා රෝහලට පරිත්‍යාග ලෙස ලැබුණු පිළිකා ප්‍රතිකාර ඖෂධ තොගයක් අලෙවි කර ඇති බවට පළවන වාර්තා සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණයක් පවත්වන ලෙස සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අමාත්‍යාංශයේ ලේකම් ජනක චන්ද්‍රගුප්ත මහතාට අද (16) දැනුම් දී තිබෙනවා.

එම වාර්තාවෙන් හෙළිවන කරුණු මත සිද්ධියට අදාළ වගකිවයුත්තන්ට එරෙහිව දැඩි නීතිමය සහ විනය ක්‍රියාමාර්ග ගන්නා බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

මේ අතර, සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ අභ්‍යන්තර විගණන අංශයේ සහ හදිසි වැටලීම් අංශයේ නිලධාරීන්ගෙන් සමන්විත විමර්ශන කණ්ඩායම් දෙකක් යොදවා ඇති බව අමාත්‍යාංශ ලේකම්වරයා සඳහන් කළා.

ඊට අමතරව සිද්ධිය සම්බන්ධයෙන් මූලික විමර්ශන වාර්තාවක් දිනක් ඇතුළත ලබාදෙන ලෙසටයි අමාත්‍යාංශ ලේකම්වරයා අපේක්ෂා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අරුණ ජයසේකර මහතාට දැනුම් දී ඇත්තේ.

එවැනි සිදුවීම් සම්බන්ධයෙන් කඩිනමින් විමර්ශනය කර ඊට සම්බන්ධ පුද්ගලයින්ගේ තරාතිරම නොබලා නීතිමය හා විනයානුකූල පියවර ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර තිබෙනවා.

මේ අතර මහරගම අපේක්ෂා රෝහලේ ඖෂධ සොරකම් කර පිළිකා රෝගීන්ට අලෙවි කළ සැකකරුවෙකු ලබන 28 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා නියෝග කළා.

මහරගම අපේක්ෂා රෝහලට පරිත්‍යාගශීලීන් විසින් පරිත්‍යාග කරන ලද ඖෂධ එම රෝහලෙන් සොරකම් කර පිළිකා රෝගීන්ට රුපියල් විසි දහසක මුදලකට අලෙවි කිරීම සම්බන්ධයෙනුයි අල්ලස් කොමිසමේ නිලධාරින් විසින් මෙම සැකකරු අත් අඩංගුවට ගෙන තිබුණේ.

පිළිකා රෝහලෙන් ප්‍රතිකාර ලබා ගැනීම සඳහා පැමිණෙන රෝගීන්ට මෙම ඖෂධය හිඟයක් ඇති බව පවසමින් රුපියල් 22000ක මුදලකට විකිණීමට එකඟවී පසුව එය රුපියල් 21000 මුදලකට විකිණීමට උත්සාහ කළ අවස්ථාවේදී අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුව නිලධාරීන් විසින් සැකකරුගේ නිවස පරික්ෂා කිරීමේ දී රුපියල් 425970ක මුදලක් සහ මෙම වර්ගයේ තවත් ඖෂධ තොගයක් ද සොයාගත් බව අධිකරණයට දැනුම් දුන්නා.

නිවසින් සොයාගත් එම ඖෂධ තොගය රාජ්‍ය ලාංඡනය සහිත පෙට්ටිවල අසුරා තිබූ බවත් එම ලාංජනය මෙම අපේක්ෂා රෝහලට පරිත්‍යාග ශීලීන් විසින් පරිත්‍යාග කරනු ලබන ඖෂධ සඳහා යොදනු ලබන බවත් අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් වැඩිදුරටත් කරුණු දක්වමින් සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.11
00:00
Video thumbnail
පොලිස්පතිට මරණ තර්ජනය කරනවා නම් ඒක ගැන පරීක්ෂණය කරන්න ඕනේ
02:30
Video thumbnail
මේ ගෝත්‍රිකයින්ට රාජ්‍යයක් පාලනය කරන්න බෑ - පැලවත්තේ ආණ්ඩුවට බලය විතරයි ඕනි
09:02
Video thumbnail
විපක්ෂය වැරදි කරලා නැත්තම් බයවෙන්න ඕනේ නෑනේ
03:06
Video thumbnail
19ව හැවිරිදි තරුණයා එළොව යැවූ බිහිසුණු ඛේදවාචකය - "හෙල්මට් දාගෙන ගිහින් නෑ - කන්නෙත් නැතුව ගියේ"
01:53
Video thumbnail
උඹලා තණකොළ කෑවට අපි නම් බත් කන්නේ
07:53
Video thumbnail
කාන්තාවකගේ ගෙලේ තිබ්බ රන් මාලය කැ#ඩූ ඩබල - "අයියෝ..මෙන්න හොරෙක්..මාලේ අරන් ගියා"
01:44
Video thumbnail
පැය 3කට පසු නිශ්ශංක සේනාධිපති එළියට එයි
00:58
Video thumbnail
කොන්ක්‍රීට් කණු කඩාගෙන ගිය ලංගම බස් රථය
01:03
Video thumbnail
දුවන්න එපා ඔහොමම හිටපන් - වගුරු බිමක කරගෙන ගිය මත්පැන් නිෂ්පාදනාගාරයක්
01:30