පරිගණක අපරාධ සිදුකළ බවට සැකපිට විදෙස් ජාතිකයින් 88ක් දකුණේ තැන් දෙකක දී අත්අඩංගුවට

පරිගගණක අපරාධ සිදුකළ බවට සැකපිට විදේශ ජාතික පුද්ගලයින් 88 දෙනෙකු මිදිගම සහ දොඩන්දූව ප්‍රදේශවල දී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.

මිදිගම පොලිස් වසමේ පිංවත්ත ප්‍රදේශයේ සංචාරක හෝටලයක් තුළ පොලිසිය විසින් වැටලීමක් සිදුකර එහි ලැගුම්ගෙන සිටි ඉන්දීය ජාතිකයින් 28 දෙනෙකු හා නේපාල ජාතිකයින් 05 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (11) රාත්‍රියේ සිදුකළ මෙම වැටලීමෙන් දී අත්අඩංගුවට ගැනුණු විදෙස් ජාතිකයින් අවුරුදු 25 ත් 35 අතර වයස්වල පසුවන්නන් බවයි වාර්තා වන්නේ.

මොවුන් වීසා නොමැතිව මෙරට රැඳී සිටීම, සංචාරක වීසා මත පැමිණ රැකියාවල යෙදීම, තීරුබදු රහිතව ගෙන්වන ලද සිගරට් සන්තකයේ තබාගැනීම හා පරිගණක අපරාධ පනතේ ගැනෙන අපරාධයන් සිදු කිරීම යන වැරදි සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත බවයි පොලිසිය පැවසුවේ.

මේ අතර හික්කඩුව පොලිස් වසමේ දොඩන්දූව ප්‍රදේශයේ නවාතැන්පලක් තුළ රැඳී සිටි ඉන්දීය ජාතිකයින් 35 දෙනෙක්, නේපාල ජාතිකයින් 20 දෙනෙකු සහ ඔවුන්ට නවාතැන් පහසුකම් ලබාදුන් හෝටල් හිමිකරු පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබෙනවා.

එහිදී පරිගණක යන්ත්‍ර 25ක්, ජංගම දුරකථන 119ක්, මුදල් රුපියල් 750,000ක්, කාර් රථයක් හා ජීප් රථයක් ද පොලිස් භාරයට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

අත්අඩංගුවට ගැනුණු විදෙස් සැකකරුවන් අවුරුදු 20ත් 48ත් අතර වයස්වල පසුවන්නන් වන අතර ලැගුම්හල් හිමිකරු වයස අවුරුදු 43 ක් වන දොඩම්දූව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

හික්කඩුව පොලිසිය මගින් මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18