පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ අර්ජුන් ඇලෝසියස්ට හා රවීට එරෙහි නඩුව කල් යයි

හිටපු මුදල් අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක යන අයට හා පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ජෝසප් ඇලෝසියස් යන අයට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර ඇති නඩුව ලබන සැප්තැම්බර් මස 22 වන දින දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණ විනිසුරු මහේන් වීරමන් මහතා අද (28) නියෝග කළා.

සිය සේවාදායකයන්ට එරෙහිව ගොනුකර ඇති චෝදනා සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියාචනයක් ගොනුකර ඇති හෙයින් එහි තීන්දු ඉදිරියේදී ලැබීමට නියමිත අතර ඒ අනුව මෙම නඩුව නැවත කැඳවීමට දීර්ඝ දිනයක් ලබා දෙන ලෙසට විත්තිකාර රවී කරුණානායක යන අය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ජීවන්ත ජයතිලක මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියා.

එම ඉල්ලීම සලකා බැලූ විනිසුරුවරයා මෙම නඩුව නැවත සැප්තැම්බර් මස 22 වන දින කැඳවීමට නියෝග කළා.

2016 පෙබරවාරි මස 12 වන දින හා 2016 සැප්තැම්බර් මස 30 අතර කාලය තුළදී විත්තිකාර රවී කරුණානායක මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටියදී පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගම් සමූහයේ වෝල්ට් ඇන්ඩ් රෝ ඇසෝසියටට් සමාගමේ හා පී. ටී. එල්. සමාගමේ මුදලින් රුපියල් මිලියන 11. 68 වැය කර කුලී පදනම් මත ලබාගත් කොල්ලුපිටියේ පිහිටි සුපිරි නිවසක පදිංචියට පැමිණීම හා ඒ සඳහා ආධාර අනුබල දීම ඇතුළු චෝදනා යටතේ අල්ලස් කොමිසම විසින් මෙම විත්තිකරුවන්ට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කර තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බලු වැඩ කරන්න එපා ජනාධිපතිතුමා
13:57
Video thumbnail
මහ රෑ සංචාරකයින්ට තරු පෙන්නපු වන අලියා - විදේශිකයන් බිය වී කෑගහයි
01:17
Video thumbnail
සිරිලිය ගිණුමෙන් ශිරන්ති මුදල් හොරකම් කළේ නෑ..අදටත් ඒ ගිණුමේ සුරක්ෂිතව මුදල තියෙනවා
06:20
Video thumbnail
ආණ්ඩුවේ ගොවි රැළියට ලාල් කාන්තවත් ආවේ නෑ.. ජෝඩුවම නෑ
05:00
Video thumbnail
ශිරන්ති රාජපක්ෂ FCID එකෙන් දැනුම්දීමක් තියෙද්දි විදේශ ගත වුණේ නෑ - මනෝජ් හෙළිකරයි
08:47
Video thumbnail
අතුරුදන් වුණා කිව්ව ඥානසාර හිමි උසාවියට - අපි පළා යන්නේ නෑ
01:06
Video thumbnail
මැච් බලන්න එන අයට ක්‍රිකට් බෝඩ් එකෙන් බොන්න දෙනවද..? ඉතිං අපේ රැස්වීමට ආපු අයට අපි බොන්න දුන්නෑ..
02:33
Video thumbnail
රනිල්ව හමුවෙන්න ආ අමුත්තා
02:00
Video thumbnail
ලංගම බස් රථයක ගැටුණු මෝටර් රථය - CCTV දර්ශන
00:46
Video thumbnail
50000ක් විතර මිනිස්සු අපේ රැළියට ආවා - මහින්දට එන්න විනාඩි 40ක් ගියා
01:44