ඇතිමලේ පොලිස් වසමේ කැබිලිත්ත රක්ෂිත ප්‍රදේශයේ දී සිදු කෙරුණු වැටලීමක දී පර්චස් 20ක පමණ වගා කර තිබූ ගංජා හේනක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට හැකිව තිබෙනවා.
ඇතිමලේ පොලිසියට ලද තොරතුරක් මත මෙම වැටලීමේ දී ගංජා ගස් 324ක් සොයාගෙන ඇති බවයි වාර්තා වන්නේ.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 36ක් වන මිද්දෙණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.













