පරසන්ගස්වැව දී දෙපිරිසක් අතර ගැටුමක් – අයෙක් ජීවිතක්ෂයට

අනුරාධපුර, පරසන්ගස්වැව පොලිස් වසමේ මිහිඳු මාවත ප්‍රදේශයේ නිවසක දී දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් තියුණු ආයුධවලින් කපා කොටා පුද්ගලයෙක් ඝාතනය කර තිබෙනවා.

එම ගැටුමෙන් බරපතල තුවාල ලැබූ පුද්ගලයන් දෙදෙනෙකු අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කර ප්‍රතිකාර ලබන බවත්, නිවසේ හිමිකරු වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවත් පරසන්ගස්වැව පොලීසිය පවසනවා.

ගැටුමෙන් ජීවිතක්ෂයටපත්ව ඇත්තේ අනුරාධපුර, තන්නායම්කුලම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 30ක පුද්ගලයෙක්.

ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන සාලියපුර, මාන්කඩවල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 30ක සහ 35ක පුද්ගලයන් දෙදෙනෙකු පොලිස් ආරක්ෂාව යටතේ රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලීසිය සඳහන් කළා.

ඝාතනය සිදු වූ නිවසේ පුද්ගලයා සහ මරණකරු මිතුරන් වන අතර, මරණකරු එම මිතුරාගේ නිවසට පැමිණ සිටි අවස්ථාවේ දී නිවසට පැමිණි පිරිසක් අතර ඇති වූ ගැටුමකින් මෙම ඝාතනය සිදුව ඇති බවයි පොලිසිය පවසන්නේ.

මෙම ඝාතනය සිදු වූ නිවසේ පදිංචි පුද්ගලයා අසල්වැසියෙකු සමග මීට පෙර ගැටුමක් ඇති කර ගෙන තිබෙනවා.

ගැටුම ඇති කරගත් අසල්වැසියා පිරිසක් සමඟ ඊයේ (02) පස්වරුවේ කැබ් රථයකින් අදාළ නිවසට පැමිණ මන්නා පිහි සහ පොලුවලින් පහර දී ඇති බවයි පොලීසිය පවසන්නේ.

මෙම අවස්ථාවේ දී මරණකරු සහ නිවසේ සිටි ඔහුගේ මිතුරා ද ඔවුන්ට ප්‍රතිප්‍රහාර එල්ල කර ඇති අතර, එම අවස්ථාවේ එල්ල වූ මන්නා පිහි ප්‍රහාරයකින් මරණකරු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වුණේ.

ඝාතනය සිදුකර පලාගොස් සිටින තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට විමර්ශන පවත්වන අතර, සැකකරුවන් ඝාතනය සඳහා පැමිණි කැබ් රථය පොලිස් භාරයට ගෙන තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් පරසන්ගස්වැව පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රිමාන්ඩ් එකේ ඉදලා ඇවිත් චාමර ආණ්ඩුවේ කෙරුවාව හෙළිකරයි - හොරට විභාග ලිව්වා කියලා තුටු පඬුරු දෙනවද ?
04:07
Video thumbnail
සුජීව ආණ්ඩුවට රිදෙන්නම දෙයි - තනිකරම හොරකමනේ වෙන්නේ..මෙන්න මූ මාස 3න් වැටිලා ඉන්නේ
14:48
Video thumbnail
ගැටඹේ නාහිමිට අවසන් ගෞරව දක්වන්න ආ ඇමති නලින්ද - Uncle කෙනෙක් නලින්දට කිව්ව දේ
02:09
Video thumbnail
විහාර මහා දේවි උද්‍යානයේ භික්ෂු විරෝධතාවයේ නවතම තත්ත්වය - මිනිස්සු වටවෙලා බණ අහයි
01:00
Video thumbnail
අර්චුනා නිසා පාර්ලිමේන්තුවේ ලොකු ගාලගෝට්ටියක් - "මම කවදාවත් පුද්ගලික දේවල් ඇහුවේ නෑ ?"
09:27
Video thumbnail
කාවන්තිස්ස ඇතාගේ මරණය සොයන්න විපක්ෂය විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් ඉල්ලයි
01:12
Video thumbnail
විදුලි කැ#පිල්ල සිදුවුණේ ආණ්ඩුවේ සම්පූර්ණ වරදින්..?මේ ආණ්ඩුවට බෑ කියලා අපි කිව්වා
05:13
Video thumbnail
රුමේෂ් තරංග නිසා සජිත් උදෙන්ම පැටලෙයි - ගෙවිය යුතු කෝටි 5ක මුදල ඇයි නොගෙවන්නේ ?
04:46
Video thumbnail
සොයිසාපුර වෙ# තැබීම දුටු සේවකයෙක් හෙළිකළ දේ - "මහත්තයට දුවාගන්න බැරිවුණා..දුවනකොට වැදුණා"
02:21
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.21
00:00