පරසන්ගස්වැව දී දෙපිරිසක් අතර ගැටුමක් – අයෙක් ජීවිතක්ෂයට

අනුරාධපුර, පරසන්ගස්වැව පොලිස් වසමේ මිහිඳු මාවත ප්‍රදේශයේ නිවසක දී දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් තියුණු ආයුධවලින් කපා කොටා පුද්ගලයෙක් ඝාතනය කර තිබෙනවා.

එම ගැටුමෙන් බරපතල තුවාල ලැබූ පුද්ගලයන් දෙදෙනෙකු අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කර ප්‍රතිකාර ලබන බවත්, නිවසේ හිමිකරු වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවත් පරසන්ගස්වැව පොලීසිය පවසනවා.

ගැටුමෙන් ජීවිතක්ෂයටපත්ව ඇත්තේ අනුරාධපුර, තන්නායම්කුලම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 30ක පුද්ගලයෙක්.

ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන සාලියපුර, මාන්කඩවල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 30ක සහ 35ක පුද්ගලයන් දෙදෙනෙකු පොලිස් ආරක්ෂාව යටතේ රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලීසිය සඳහන් කළා.

ඝාතනය සිදු වූ නිවසේ පුද්ගලයා සහ මරණකරු මිතුරන් වන අතර, මරණකරු එම මිතුරාගේ නිවසට පැමිණ සිටි අවස්ථාවේ දී නිවසට පැමිණි පිරිසක් අතර ඇති වූ ගැටුමකින් මෙම ඝාතනය සිදුව ඇති බවයි පොලිසිය පවසන්නේ.

මෙම ඝාතනය සිදු වූ නිවසේ පදිංචි පුද්ගලයා අසල්වැසියෙකු සමග මීට පෙර ගැටුමක් ඇති කර ගෙන තිබෙනවා.

ගැටුම ඇති කරගත් අසල්වැසියා පිරිසක් සමඟ ඊයේ (02) පස්වරුවේ කැබ් රථයකින් අදාළ නිවසට පැමිණ මන්නා පිහි සහ පොලුවලින් පහර දී ඇති බවයි පොලීසිය පවසන්නේ.

මෙම අවස්ථාවේ දී මරණකරු සහ නිවසේ සිටි ඔහුගේ මිතුරා ද ඔවුන්ට ප්‍රතිප්‍රහාර එල්ල කර ඇති අතර, එම අවස්ථාවේ එල්ල වූ මන්නා පිහි ප්‍රහාරයකින් මරණකරු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වුණේ.

ඝාතනය සිදුකර පලාගොස් සිටින තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට විමර්ශන පවත්වන අතර, සැකකරුවන් ඝාතනය සඳහා පැමිණි කැබ් රථය පොලිස් භාරයට ගෙන තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් පරසන්ගස්වැව පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රඹුකන සිද්ධාර්ථ හිමියන්ට අවසන් ගෞරව දක්වන්න ගිය සජිත්
01:44
Video thumbnail
පොහොට්ටුව පෙන්න පෙන්න ආණ්ඩුවට හැමදේම කරන්න බෑ
01:54
Video thumbnail
රඹුකන සිද්ධාර්ථ හිමියන්ට අවසන් ගෞරව දක්වන්න ගිය සජිත් - "යතිවරයාණන් අපවත් වීම සුවිශාල පාඩුවක්"
03:13
Video thumbnail
සංවර්ධන නිලධාරින්ගෙන් ආණ්ඩුවට රතු එළි - රටපුරා විරෝධතාවේ යනවා..දැවැන්ත සටනකට මුහුණ දෙන්න වෙනවා
02:23
Video thumbnail
නීතිඥ සංගමයේ සභාපති රනිල්ව බේරාගන්න හදන්නේ
10:17
Video thumbnail
විදුලිසැර වැ#දී සුනඛයින් සිව් දෙනෙක් එළොව යයි - "5 Star කියලා සතෙක්ට පාරේ ඉන්න බෑ"
02:58
Video thumbnail
හෙලිකොප්ටර්වලින් ඇවිත් මහ බැංකුවට බහියි
01:47
Video thumbnail
අධිකරණයේ ස්වාධීනත්වය කුඩුපට්ටම් කරලා රට ඒකාධිපති තැනකට තල්ලු කරනවා
19:26
Video thumbnail
අර්චුනා හදිසියේම නැගිටලා මහින්දට දැම්ම සැර සත්තම
00:24
Video thumbnail
මෝටර් රථයක් මෝහිණී ඇල්ලට පෙරලී සිදුවූ බිහිසුණු අනතුර
00:52