පපුවට පිහියෙන් ඇන බිරිඳ සැමියා ඝාතනය කරලා

පුලස්තිගම ප්‍රදේශයේ නිවසක් තුළ බිරිඳ විසින් පිහියකින් ඇන සිය සැමියා ඝාතනය කර තිබෙනවා.

ඊයේ (09) පස්වරුවේ මෙම ඝාතනය සිදුව ඇති අතර, පිහි ඇනුමට ලක්වූ පුද්ගලයා පුලස්තිගම රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

29 හැවිරිදි වියේ පසුවූ පුද්ගලයෙක් මෙලෙස ඝාතනයට ලක්ව ඇති අතර, මෙම පුද්ගලයා සහ බිරිඳ අතර ඊයේ දහවල් කාලයේ සිටම පහරදීගැනීම් සහ බැන වැඳීම් සිදුකරගෙන ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

එම අවස්ථාවේ දී බිරිඳ විසින් පිහියකින් සැමියාගේ පපු ප්‍රදේශයට ඇන ඇති බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

ඝාතනය සිදුකළ බිරිඳ ද තුවාල ලබා පුලස්තිගම රෝහලට ඇතුළත් කර ඇති අතර, ඇය වැඩිදුර ප්‍රතිකාර සඳහා පොළොන්නරුව රෝහලට ඇතුළත් කර ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

සිද්ධිය සම්බන්ධයෙන් පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු ඉරිදිපත් කිරීමෙන් අනතුරුව සැකකාර බිරිඳ ලබන 21 වනදා දක්වා රක්ෂිත බන්ධාගාර ගතකර තිබෙනවා.

සැකකාරිය පොලිස් ආරක්ෂාව යටතේ රෝහලේ ප්‍රතිකාර ලබන අතර, ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ මෘත දේහය සම්බන්ධයෙන් වන පස්චාත් මරණ පරීක්ෂණය අද (10) සිදුකිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
එදා ඉක්මන් වුණානම් අද ජෙනරල් කොබ්බෑකඩුව ජීවත් වෙනවා - යුනිෆෝම් දෙකටම අද ලොකු අභියෝගයක්
06:15
Video thumbnail
නොකියපු දෙයක් කිව්ව හැටියට පෙන්නලා ද#යම් කරන්න යන්නේ - අපිටත් වැලේ වැල් නෑ - රටටත් වැලේ වැල් නෑ
01:56
Video thumbnail
වලපයයි ගොඩපයයි ඉන්න හෙංචයියෝ පොලිස්පති කරයි - ශානිගේ උසස්වීම ගැන විමල්ගෙන් සැර සද්දයක්
03:42
Video thumbnail
කෝවිලේ බුදු පිළිමයක් තැබීමට යාමේදී නොසන්සුන්තාවක්
00:38
Video thumbnail
තරුණ කටයුතු නි.ඇමතිට ඇන්ටිලා දුන්න ටෝක් එක ?
00:44
Video thumbnail
හිටපු ජනපති රනිල් ඇතුළු ආණ්ඩු ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:41
Video thumbnail
අලි ප්‍ර#රයකට ලක්වෙන්න ගිය මනුස්සයෙක් බේරපු උතුම් මිනිස්සු
01:41
Video thumbnail
වැල්ලවායේ හිටි හැටියෙම ඇතිවූ තද සුළං තත්ත්වය
01:24
Video thumbnail
ඩෙන්සිල් කොබ්බෑකඩුව දැයෙන් සමුඅරන් අදට වසර 34ක්
01:57
Video thumbnail
රට වෙනුවෙන් දිවි පිදූ ඩෙන්සිල් කොබ්බෑකඩුව දැයෙන් සමුඅරන් අදට වසර 34ක්
03:57