පදිකයෙකුට බරපතළ තුවාල සිදු කළ යතුරුපැදි අනතුර (වීඩියෝ)

ගම්පොළ – මහනුවර ප්‍රධාන මාර්ගයේ සිදු වූ රිය අනතුරකින් පදිකයෙකු බරපතළ තුවාල ලබා රෝහල්ගත කෙරුණා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ, මහනුවර සිට ගම්පොළ දෙසට ධාවනය වූ යතුරුපැදියක් ගම්පොළ – බෝත්තල පිටිය ප්‍රදේශයේ දී මාර්ගය හරහා මාරුවෙමින් සිටි පදිකයෙකුගේ ගැටීමෙන් මෙම අනතුර සිදු වූ බවයි.

අනතුරින් තුවාල ලැබූ පුද්ගලයා මේ වනවිට ගම්පොළ මූලික රෝහලේ ප්‍රතිකාර ලබනවා.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මකයි.