පකිස්තාන ව්‍යාපාරික නියෝජිත පිරිසක් කතානායක හමුවෙයි (ඡායාරූප)

පකිස්තානයේ ව්‍යාපාරික නියෝජිත පිරිසක් සහ කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අතර හමුවක් අද (18) සිදු කෙරුණා.

ඖෂධ, ආහාර සහ තොරතුරු තාක්ෂණ අංශවල ප්‍රමුඛ ව්‍යාපාරිකයින් පිරිසකගෙන් මෙම කණ්ඩායම සමන්විත වූ අතර, ශ්‍රී ලංකාව සහ පකිස්තානය අතර ද්විපාර්ශ්වික වෙළඳ සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳ ව මෙහිදී අවධානය යොමු වූ බවයි පැවසෙන්නේ.

නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි, ජාතික ඒකාබද්ධතා නියෝජ්‍ය අමාත්‍ය මොහොමඩ් මුනීර්, පාර්ලිමේන්තු මන්ත්‍රී චිත්‍රාල් ප්‍රනාන්දු, පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර සහ ලාහෝර් හි ශ්‍රී ලංකා කොන්සල් යසින් ජෝයියා යන මහත්ම මහත්මීහූ මෙම හමුවට සහභාගී වුණා.

මෙරට ඉදිරි සාර්ථකත්වය සඳහා සහයෝගය පළ කරමින් නියෝජිත පිරිස කථානායක වෛද්‍ය වික්‍රමරත්න මහතාට සහ ශ්‍රී ලංකා රජයට සිය සුබ පැතුම් පිරිනැමූ බවයි වාර්තා වන්නේ.

ශ්‍රී ලංකාව සහ පකිස්තානය අතර පවතින දිගුකාලීන වෙළඳ සබඳතා සිහිපත් කළ ඔවුහු අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සඳහා මෙම සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමේ වැදගත්කම අවධාරණය කළා.

මෙහිදී අදහස් දක්වමින් කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පෙන්වා දුන්නේ මේ වන විට ශ්‍රී ලංකාව තුළ ව්‍යාපාරික කටයුතු සඳහා ස්ථාවර සහ හිතකර පරිසරයක් ඇති බවයි.

විශේෂයෙන් වෙළඳ හා සංචාරක අංශවල දෙරට අතර සහයෝගීතාව වැඩිදියුණු කිරීමේ වැදගත්කම අවධාරණය කළ කථානායකවරයා ශ්‍රී ලංකාවේ ආයෝජනය සඳහා ව්‍යාපාරික දූත පිරිසට ආරාධනා කළා.

පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයේ (CPA) ආසියානු සහ අග්නිදිග ආසියානු කලාපීය පළමු ඒකාබද්ධ සමුළුව සඳහා පසුගියදා පකිස්තානයේ සිදු කළ සංචාරයේදී ශ්‍රී ලංකා දූත පිරිසට ලැබුණු ආගන්තුක සත්කාරය පිළිබඳව ද කථානායකවරයා මෙහිදී ගෞරවයෙන් සිහිපත් කළ බවයි වාර්තා වන්නේ.

Pakistan Delegation 20250218 11
Pakistan Delegation 20250218 9
Pakistan Delegation 20250218 7
Pakistan Delegation 20250218 4
Pakistan Delegation 20250218 2
Pakistan Delegation 20250218 13


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇල්ලේ Parking එකේ චන්ඩි අංකල් - හැරෙව්වත් රු.100යි.
01:33
Video thumbnail
හොඳටම සූරුවුණු චීවරධාරියා පොලිසියෙන් කුදලන් යයි
01:43
Video thumbnail
චූලා පද්මේන්ද්‍ර හැරයද්දි මව හැඬූ කඳුළින් කිව්ව දේ
01:49
Video thumbnail
හිරේ දාන්න යනවා කියලා නාමල්ට ඕන රැස්වීමට සෙනඟ අද්දවගන්න - ආණ්ඩුව නෙවෙයි පච ගැහුවේ
02:44
Video thumbnail
නඩු ටික මතක තියාගෙන රැස්වීම් කරගෙන යන්න - නලින්දගෙන් සැර කතාවක්
02:58
Video thumbnail
ප්‍රියංකර පෙරේරාට අවසන් ගෞරව දක්වන්න ආ ටිල්වින් සිල්වා - ටිල්වින් - දිල්හානි එක්ක කිව්ව දේ
00:53
Video thumbnail
චූලා පද්මේන්ද්‍ර හැරයද්දි මව හැඬූ කඳුළින් කිව්ව දේ - "අනේ එන්නකෝ පුතේ යන්න ගෙදර"
05:03
Video thumbnail
සමුගත් ප්‍රියංකර ගැන කලාකරුවන් තැබූ සංවේදී සටහන් - අන්තිම මොහොතේ හරි මුහුණ දකින්න පුළුවන් වුණා
01:22
Video thumbnail
22 ගැන පෙත්සම් විභාගය අවසන්වී අජිත් එළියට ඇවිත් සැරවෙයි - "මෙතන තියෙන්නේ ප්‍රතිපත්ති ප්‍රශ්නයක්"
02:54
Video thumbnail
රංගන ශිල්පී සංගීතා, සංවේදීවී ප්‍රියංකර ගැන කියූ දේ - වාසනාවන්ත වුණා දිල්හානි වගේ බිරිඳක් ලබන්න
01:09