පකිස්තානයේ ආර්ථිකය ගැන IMF කනස්සල්ල

අන්තර්ජාතික මූල්‍ය අරමුදල (IMF) පකිස්ථානයේ ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණවල හදිසි අවශ්‍යතාව අවධාරණය කර තිබෙනවා.

රට සිය කලාපීය අනෙක් අසල්වැසියන්ගේ ජීවන තත්ත්වයන් වෙත වේගයෙන් නොපැමිණෙන බව ද මූල්‍ය අරමුදල අවධාරණය කර ඇතැයි ද නිවුස් ඉන්ටර්නැෂනල් වාර්තා කළා.

මෑත දශක කිහිපය තුළ පකිස්ථානය ඒක පුද්ගල ආදායම, තරගකාරිත්වය සහ අපනයන කාර්ය සාධනය අතින් පසුගාමී වී ඇති බව IMF වාර්තාව පෙන්වා දෙනවා.

2000 සහ 2022 අතර රටේ ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතයේ සාමාන්‍ය වාර්ෂික වර්ධනය වූයේ සියයට 1.9ක් පමණයි.

පකිස්ථානයේ සිය අනුග්‍රහය දක්වන ලද වැඩසටහන් දශකයක් සමාලෝචනය කිරීමෙන් පසු, IMF මෙම කරුණු අනාවරණ කරනවා.

ආර්ථිකය තුළ පවතින ප්‍රශ්න විසඳන ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ සඳහා පුළුල් අවශ්‍යතාව IMF අවධාරණය කර තිබෙනවා.

රටේ ආර්ථික අනාගතය හැඩගැස්වීමේදී ඉදිරි ක්‍රියාමාර්ග තීරණාත්මක වනු ඇති අතර, ඒවායේ සාර්ථකත්වය බොහෝ දුරට රඳා පවතින්නේ මෙම ප්‍රතිසංස්කරණ ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීමට රජය දක්වන කැපවීම මත බව අන්තර්ජාතික මූල්‍ය අරමුදල පවසනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14