නොසිතූ ලෙස ඉන්ධන මිල ඉහලට

ඉරාකයේ සිට තුර්කිය දක්වා ඉන්ධන රැගෙන යන නළ මාර්ගයක ඇතිවූ බිඳවැටීමක් හේතුවෙන් සහ ලොව ඇතිවෙමින් පවතින භූ දේශපාලන ගැටලු හේතුවෙන් බොර තෙල් සැපයුමට බාධා ඇතිවෙමින් තිබෙන බව ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කරයි.

ඒ හේතුවෙන් අද (19) ලෝක වෙළෙඳපොළෙහි බොර තෙල් මිල පිට පිට සිව්වැනි වරටත් වැඩිවූ බව සඳහන් වෙයි.

බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල ඩොලර් 88.38 දක්වා 1.2%කින් වර්ධනය වී තිබේ.
 
වරෙක එහි මිල ඩොලර් 89.05ක් දක්වා වැඩිවූ අතර එය 2014 වසරේ ඔක්තෝබර් 13ට පසුව වාර්තා වූ වැඩිම මිල ලෙස දැක්විය හැකිය.

U.S. West Texas Intermediate බොර තෙල් බැරලයක මිල ඩොලර් 1.03 කින් to  ඩොලර් 86.46 දක්වා ඉහළ ගොස් තිබුණි.

එසේම 2014 ඔක්තෝබර් 09 වනදාට පසුව වාර්තා වූ බිල අභිබවා ගොස් වරෙක එහි මිල සඳහන් වූයේ ඩොලර් 87.08ක් ලෙසට ය.

ඉරාකයේ කර්කුක් සිට තුර්කියේ සීහෑන් දක්වා දිවෙන නළ මාර්ගයේ සිදුවූ පිපිරීමක් හේතුවෙන් බොර තෙල් සැපයුමට බාධා ඇතිවී ඇති අතර එම පිපිරීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

ලොව දෙවැනි සහ තෙවැනි විශාලතම ඛනිජ තෙල් නිෂ්පාදකයින් ලෙස සැලකෙන රුසියාවේ සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය යේ ඇතිවී තිබෙන භූ දේශපාලනික ගැටලු හේතුවෙන් ලෝක තෙල් අර්බුදයක් නිර්මාණය වෙමින් ඇතිබව ජාත්‍යන්තර මාධ්‍ය පවසයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32