නොරොච්චෝලේ අක්‍රියවීමේ අවදානමක ?

නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ නඩත්තු කටයුතු සිදුකර ගැනීමට නොහැකි වී ඇති බවත් ඒ හේතුවෙන් එම බලාගාරය අක්‍රීයවීමේ අවදානමක් මතුව ඇති බවත් ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි ඉංජිනේරුවරුන්ගේ සංගමයේ ලේකම් එරංග කුඩාහේවා පවසනවා මෙයට හේතුව වී ඇත්තේ අමතර කොටස්වල පවතින හිඟයි.

මෙහි බලාගාරයේ දෙවන සහ තෙවන ජනන යන්ත්‍රයන්හි වාර්ෂික නඩත්තු කටයුතු වසර දෙකකින් පමණ සිදුකර නොමැති බවත් ලබන මාසයේදී එම කටයුතු සිදුකිරීමට බලාපොරොත්තු වුවත් අමතර කොටස්වල පවතින හිඟය හේතුවෙන් එය කිරීමට නොහැකි වී ඇති බවයි ඔහු පැවසුවේ.ඇමරිකානු ඩොලර් මිලියන 43 ක වටිනාකමකින් යුත් අමතර කොටස් මිලදී ගැනීම සඳහා ණයවර ලිපි විවෘත කර ගැනීමට මෙතෙක් නොහැකි වී ඇති බව ඔහු පෙන්වා දෙයි. විදේශ විනිමය අර්බුදය හමුවේ මෙම තත්ත්වය නිර්මාණය වී ඇති බවත් මේ සම්බන්ධයෙන් සියලුම අංශ දැනුවත් කර ඇතත් තවමත් නිසි ප්‍රතිචාරයක් දක්වා නොමැති බවත් හෙ‍ෙතම වැඩිදුරටත් පවසා සිටියේය.

  1. විදුළි මාෆියාව
    ජලාශ පිරෙද්දී බලාගාර කැඩෙනවා
    එතකොට හදිසි මිලදීගැනීම් කියලා පවුද්ගලික බලාගාර වලින් කොමිස් සහිතව විදුළිය ගන්නවා
    නොරොච්චෝලේ හදද්දී ඉන්දියාවටත් විදුළියදෙන්න පුළුවන් කියපු ඉංජිනේරුවෝ දැන් ඉන්දියාවෙන් අපිට විදුලිය ගන්න කථාව
    මේවා පවුද්ගලික ආයතනවලටම නඩත්තු කර ක්‍රියාත්මක කිරීමට දෙන්නම ඕනේ



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අවු:16ට වැඩි හැමෝගෙම පෞද්ගලික තොරතුරු ඉන්දියාවට ගන්න පුළුවන් - ප්‍රබල හෙළිදරව්වක්
06:32
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යාංශයට අදාළව 2027 පූර්ව අයවැය සාකච්ඡාව
01:22
Video thumbnail
බුදු අම්මෝ රනිල්ට හීරේට යනකොට තිබ්බ ලෙඩගොඩ - මෙතෙක් හිරගෙවල්වට ගියේ පුංචි මිනිස්සු
05:26
Video thumbnail
ආණ්ඩුව යටින් ලොකු ගේමක් ග#න්න හදන්නේ - අපි මේකට කැමති නෑ
03:05
Video thumbnail
දැන් ගොවියෝ තියෙන මිල ඇති කියනවා..ගොවියොත් එක මතේක නෑනේ
07:41
Video thumbnail
කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට
01:23
Video thumbnail
ගමේ ඉපදිච්ච එවුන්ට ගඟට එන්න අවසර නෑ
01:23
Video thumbnail
පොලිසියට අල්ලස් දෙන්න ගිය තරුණයාට වැඩ වැරදුණු හැටි
00:49
Video thumbnail
උත්තරීතර පාර්ලිමේන්තු ආසනයේ ඉදගෙන නි ඇමති දැම්ම සෙල්ලම
00:33
Video thumbnail
චාමික කරුණාරත්නට එරෙහි නඩුවට අද ලැබුණු තීන්දුව මෙන්න
00:36