නොර්වුඩ් පොලිසියේ ජිප් රථය ප්‍රපාතයකට පෙරලෙයි, පොලිස් නිලධාරින් තිදෙනෙකු රෝහලට

නොර්වුඩ් පොලිසියේ රාත්‍රි මුර සංචාරය සදහා යොදවා තිබු ජිප් රථය (06) දින රාත්‍රියේ ප්‍රපාතයකට පෙරලිමෙන් එම ජිප් රථයේ ගමන් ගත් පොලිස් නිලධාරින් තිදෙනෙකු තුවාල ලබා දික්ඔය මුලික රෝහල වෙත ඇතුලත් කර ඇති බව නොර්වුඩ් පොලිසිය පැවසිය.

ඊයේ (06) දින රාත්‍රි 11 ට පමණ මෙම අනතුර සිදු වි ඇත්තේ හැටන් බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ වෙන්චර් තේ කර්මාන්ත ශාලාව අසලදිය.

රාත්‍රි මුර සංචාරය සදහා යොදවා තිබු ජිප් රථය නොර්වුඩ් සෙන් ජොන් ටිලරි වත්ත ප්‍රදේශයේ සිට නොර්වුඩ් නිව්වැලි වත්ත ප්‍රදේශයේ අනවසර මැණික් ගැරිමක් වැටලිම සදහා ධාවනය කරමින් තිබු අවස්තාවේ ජිප් රථය මාර්ගයෙන් ඉවතට පැන මෙම අනතුර සිදු වි තිබේ

අනතුරෙන් තුවාල ලැබු පොලිස් නිලධාරින් තිදෙනා සෙන් ජොන් ටිලර් වත්තේ වතු කම්කරුවන් එක්ව රෝහල් ගත කර තිබෙනවා. අනතුරෙන් ජිප් රථයට දැඩි අලාභ හානි සිදු වි ඇති අතර, හැටන් පොලිස් අධිකාරි එච්.එම්.එන්.දෙහිගම මහතාගේ අධික්ෂණය යටතේ අනතුර සම්බන්ධයෙන් පරික්ෂණයක් ආරම්භ කර ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
3
+1
8
+1
1
+1
4
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?