නේපාල – බංග්ලාදේශ බලශක්ති ගිවිසුම අත්හිටුවයි

නේපාලය සහ බංගලාදේශය අතර පවතින දේශපාලන ප්‍රතිසංස්කරණ හේතුවෙන් විදුලිබල වෙළඳ ගිවිසුමක් තාවකාලිකව නවතා දැමූ බව නේපාල අගමැති කේපී ෂර්මා ඔලි පවසනවා.

නව අන්තර්වාර රජයක් පිහිටුවීමෙන් පසු, ඉන්දියාව හරහා බංග්ලාදේශයට මෙගා වොට් 40 ක විදුලිය අපනයනය කිරීමේ ගිවිසුමකට ද කඩිනමින් අත්සන් තබන බව ඔලි පැවසුවා.

බ්‍රහස්පතින්දා නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ දී නීති සම්පාදකයින්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් නේපාල අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ බංග්ලාදේශය සමඟ බලශක්ති වෙළඳාමට අදාළ බොහෝ කාර්යයන් දැනටමත් අවසන් කර ඇති බවත් බලශක්ති අමාත්‍යවරුන් ඉදිරියේ ගිවිසුමට අත්සන් තැබීමේ සැලසුමක් තිබුණු බවයි.

“ඉන්දියානු සම්ප්‍රේෂණ ජාලය භාවිතා කරමින්, නේපාලය බංග්ලාදේශයට මෙගා වොට් 40 ක විදුලිය අපනයනය කිරීමේ ගිවිසුමක් සකස් කර ඇත. 2024 ජූලි 28 වන දින නේපාලය, ඉන්දියාව සහ බංග්ලාදේශය අතර කත්මණ්ඩු නුවරදී අදාළ රටවල බලශක්ති අමාත්‍යවරුන් ඉදිරියේ ගිවිසුමක් අත්සන් කිරීමට නියමිතව තිබුණි. බංග්ලාදේශයේ මෑතකාලීන දේශපාලන වර්ධනයන් හේතුවෙන් වැඩසටහන අවලංගු කරන ලදී,” අගමැති ඔලි පැවසුවා.

නේපාල අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ ඇනහිට ඇති ගිවිසුම් අත්සන් කිරීමේ කටයුතු කඩිනමින් ඉදිරියට ගෙන යාමට කටයුතු කරමින් සිටින බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16