නේපාලයට එරෙහිව ශ්‍රී ලංකා යෞවනයන්ගෙන් විශිෂ්ඨ ජයක්

ආසියානු කුසලාන වයස අවුරුදු 19න් පහළ තරගාවලියේ ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම මුහුණ දුන් පළමු තරගයෙන් විශිෂ්ඨ ජයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

නේපාලය සමඟින් ශ්‍රී ලංකාව තරග වැදි මෙම තරගය අද (13) ඩුබායි රාජ්‍යයේ සෙවන්ස් ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණු අතර තරගයේ කාසිය වාසිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා නායකයා පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළා.

ඒ අනුව පන්දුවට පහර දීම සඳහා පිටියට පිවිසි නේපාල කණ්ඩායමට පන්දුවාර 28යි පන්දු 05කට පමණක් මුහුණ දී රැස් කර ගැනීමට හැකිවූයේ ලකුණු 82ක් පමණයි.

එහිදී ශ්‍රී ලංකාව වෙනුවෙන් සුපිරි පන්දු යැවීමක නිරත වූ ශ්‍රී ලංකා යොවුන් වේගපන්දු යවන ක්‍රීඩක සෙත්මික සෙනෙවිරත්න විසින් ලකුණු 25කට කඩුලු 05ක් බිඳ හෙලුවා.

අනතුරුව පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 14ක් සහ තවත් පන්දු 05ක් පමණක් වැය කරමින් කඩුලු දෙකක් දැවී ගොස් තරගය පහසුවෙන් ජය ගැනීමට සමත් වුණා.

ශ්‍රී ලංකාව සහභාගී වන මීලග තරගය අනිද්දා (15) දිනයේදී ඇෆ්ගනිස්ථානය සම්නගින් පැවැත්වීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව උණුසුම් කළ ප්‍රශ්නය
09:19
Video thumbnail
රුමේෂ්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් රජය මැදිහත් වෙන්න සැරසෙයි - අපේ රටට ලොකු සම්පතක්
01:26
Video thumbnail
ඖෂධ හිඟය ගැන ඇමති නලින්ද පිළිතුරු දෙයි - ඔබ දැන් කියන්න කොහෙද ප්‍රශ්නය තියෙන්නේ කියලා ?
04:12
Video thumbnail
අධිකරණය දුන් රහසිගත තීන්දුව ජනාධිපතිවරයා දන්නේ කොහොමද..?
07:08
Video thumbnail
මේ ආණ්ඩුවට වඩා හොඳ කට්ටියක් සජබයේ ඉන්නවා
01:27
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි - අස්සක් මුල්ලක් නෑරම පිරිසිදු කරයි
01:13
Video thumbnail
වස්කඩුවේදී පෞද්ගලික බස් රථයක් - ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක් - ත්‍රීවිල් රියදුරුට බරපතළයි
01:02
Video thumbnail
මේ ආණ්ඩුවත් ව්‍යාපාරිකයින්ට යටවෙලාද ?නිදහසේ කරපු අපේ රැකියාව අද නැතිවෙන්න යන්නේ
06:48
Video thumbnail
නියඟය ලෙෆ්ට්.. ගංවතුරට සූදානම් වෙන්න
06:49
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.15
56:08