spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

නෙදර්ලන්තයට තියුණු ජයක්

20-20 ලෝක කුසලාන තරගාවලියේ සුදුසුමක් ලැබීමේ වටයේ අද පැවති තරගයෙන් තියුණු ජයක් ලබන්නට නෙදර්ලන්ත කණ්ඩායම අද (18) සමත් වුණා.

ඒ, මෙම තරගයේ දී ඔවුන්ගේ ප්‍රතිවාදීන් වූ නැමීබියා කණ්ඩායම කඩුලු 05කින් පරාජය කිරීමත් සමඟයි.

මේ අනුව මෙම කාණ්ඩයේ කණ්ඩායම් හතර අතර සුපිරි 12 වටයට සුදුසුකම් ලැබීමට තියුණු තරගයක් නිර්මාණය වී තිබෙනවා.

මේ අතරගයේ පළමුව පන්දුවට පහරදුන් නැමීබියාව නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 06කට ලකුණු 121ක් රැස් කිරීමට සමත් වුණා.

ලකුණු 122ක ජයග්‍රාහී ඉලක්කය හඹා ගිය නෙදර්ලන්තය අදාළ ඉලක්කය අවසන් පන්දුවාරයේ පන්දු තුනක් ඉතිරිව තිබිය දී පසුකර ගියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?