නුවර – කොළඹ අධිවේගයේ මීරිගම – කඩවත කොටසේ ඉදිකිරීම් කඩිනමින් ආරම්භ කිරීමට සැලසුම්

ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ හා නාගරික සංවර්ධන, ඉදිකිරීම් හා නිවාස අමාත්‍යාංශයේ නිලධාරීන් අතර සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී අද (28) පැවැත් වුණා.

නුවර – කොළඹ අධිවේගී මාර්ගයේ මීරිගම – කඩවත කොටසේ ඉදිකිරීම් කඩිනමින් ආරම්භ කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මෙහි දී උපදෙස් ලබාදුන්නා.

කොළඹ වරාය පිවිසුම් අධිවේගී ගුවන් මාර්ග ව්‍යාපෘතියේ ප්‍රතිලාභ කඩිනමින් ජාතික ආර්ථිකයට එක් කර ගැනිම පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරුණු අතර, ඒ ආශ්‍රිතව මතුව ඇති ගැටලු සඳහා ලබාදිය හැකි කෙටිකාලීන හා දිගුකාලීන විසඳුම් ඇතුළත් යෝජනා පිළිබඳවද සාකච්ඡා වුණා.

කොළඹ නගරයේ මාර්ග තදබදය අඩු කිරීම සඳහා දුම්රිය පද්ධතිය වැඩිදියුණු කිරීම සහ බස්‍ රථ හා මාර්ගස්ථ සේවා ප්‍රමිතිගතකරණය කිරීමට අදාළ නියමු ව්‍යාපෘතිය කොළඹ දිස්ත්‍රික්කය මූලික කර ගනිමින් ආරම්භ කිරීම පිළිබඳව ද අවධානය යොමු කෙරුණා.

එමෙන්ම කොළඹ, නුවර, කුරුණෑගල, මොරටුව යන නගර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන ලෙස සංවර්ධනය කිරීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා වුණා.

දුම්රිය දෙපාර්තමේන්තුව සතු ජාතික ආර්ථිකයට දායකත්වයක් ලබා නොදෙන ඉඩම් හඳුනාගැනීම සහ එම ඉඩම් නිසි ලෙස කළමනාකරණය කිරීම පිළිබඳව ද දීර්ඝ ලෙස සාකච්ඡා කරනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රඹුකන සිද්ධාර්ථ හිමියන්ට අවසන් ගෞරව දක්වන්න ගිය සජිත්
01:44
Video thumbnail
පොහොට්ටුව පෙන්න පෙන්න ආණ්ඩුවට හැමදේම කරන්න බෑ
01:54
Video thumbnail
රඹුකන සිද්ධාර්ථ හිමියන්ට අවසන් ගෞරව දක්වන්න ගිය සජිත් - "යතිවරයාණන් අපවත් වීම සුවිශාල පාඩුවක්"
03:13
Video thumbnail
සංවර්ධන නිලධාරින්ගෙන් ආණ්ඩුවට රතු එළි - රටපුරා විරෝධතාවේ යනවා..දැවැන්ත සටනකට මුහුණ දෙන්න වෙනවා
02:23
Video thumbnail
නීතිඥ සංගමයේ සභාපති රනිල්ව බේරාගන්න හදන්නේ
10:17
Video thumbnail
විදුලිසැර වැ#දී සුනඛයින් සිව් දෙනෙක් එළොව යයි - "5 Star කියලා සතෙක්ට පාරේ ඉන්න බෑ"
02:58
Video thumbnail
හෙලිකොප්ටර්වලින් ඇවිත් මහ බැංකුවට බහියි
01:47
Video thumbnail
අධිකරණයේ ස්වාධීනත්වය කුඩුපට්ටම් කරලා රට ඒකාධිපති තැනකට තල්ලු කරනවා
19:26
Video thumbnail
අර්චුනා හදිසියේම නැගිටලා මහින්දට දැම්ම සැර සත්තම
00:24
Video thumbnail
මෝටර් රථයක් මෝහිණී ඇල්ලට පෙරලී සිදුවූ බිහිසුණු අනතුර
00:52