නුවරඑළිය – හැටන් මාර්ගයේ දර ලොරියක් ප්‍රපාතයකට පෙරළී දරුණු අනතුරක්

වැල්ලවායේ සිට හැටන් – ඇබෝස්ලි වතුයාය දක්වා දර ප්‍රවාහනය කළ ලොරි රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 100ක් පමණ
ප්‍රපාතයකට පෙරළී අනතුරක් සිදුව තිබෙනවා.

අද (25) පස්වරුවේ සිදු වූ මෙම අනතුරින් ලොරි රථයේ රියදුරු සහ රිය සහායකවරයා තුවාල ලබා ලිඳුල රෝහල වෙත ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.

තුවාලකරුවන් බරපතළ තත්ත්වයේ පසුවීම හේතුවෙන් ඔවුන් දෙදෙනා නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලට මාරුකර යැවීමටයි කටයුතු කර ඇත්තේ.

හැටන් – නුවරඑලිළිය ප්‍රධාන මාර්ගයේ ග්ලාස්‌ගෝ වතුයා ප්‍රදේශයේ දී මෙම අනතුර සිදුව ඇති අතර, ලොරි රථයේ තිරිංග පද්ධතිය හදිසියේ ක්‍රියා විරහිත විමෙන් ඇති වූ කාර්මික දෝශයක් හේතුවෙන් රථය රියදුරුගේ පාලනයෙන් මිදී ප්‍රපාතයට පෙරළී ඇති බවයි පොලිසිය පවසන්නේ.

දසත නිවුස් වාර්තාකරු සඳහන් කළේ ප්‍රපාතයට පෙරළී ගිය ලොරි රථය දෙකට මැදින් කැඩී වෙන් වී ඇති බවයි.

අනතුර සම්බන්ධයෙන් ලිඳුල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
00:00
Video thumbnail
සමහරු රැළියේ යනවා අපේ හොරා අපිට හොදා කියලා..මරු - අපේ රටේ ගෝත්‍රික චූටි කණ්ඩායමක් ඉන්නවා
02:00
Video thumbnail
මහ වැස්සේ තෙමීගෙන කහටගස්දිගිලිය රැළියෙන් ජනපති අනුර පිටව යයි
04:02
Video thumbnail
ජනපති වේදිකාවට නැගලා කහටගස්දිගිලියම හෙල්ලෙන්න දෙයි - එයාලා තාම පරණ පාරේ බර කරත්තේ
11:10
Video thumbnail
මේ ආණ්ඩුවේ කිසි කෙනෙක් හොරකම් කරන්නේ නෑ - අපි දන්නවා ඔයාලට අපිව පන්නන්න බෑ කියලා
12:16
Video thumbnail
මාලිමාවේ හොඳ ඩ්‍රයිවර් කෙනෙක් ඉන්නවා - රට කියන බස් එක සීරීමක්වත් නැතුව අවු:2ක් ගෙනියලා තියනවා
04:31
Video thumbnail
සොබාදහමේ ආශිර්වාදය මැද ජනපති අනුර කහටගස්දිගිලිය ජන රැළියට පැමිණි අයුරු
02:26
Video thumbnail
22ට එරෙහිව සජබය 24 කොළඹට - රටේම බලය පැලවත්තට ගෙනියන්න හදන්නේ
04:46
Video thumbnail
ජනපතිගේ නොච්චියාගම ජන රැළියට සූදානම් වන අයුරු - කොහොමද වටේටම දැඩි ආරක්ෂාවක් දීලා
00:54
Video thumbnail
පැය ගණන් වේදිකාව පලනවා..බරපතළම පොරොන්දුව අමතක කරලා - අජිත්ගෙන් සැර කතාවක්
04:24