නුවරඑළියේ ව්‍යාපාර කටයුතුවලට අද සිට ලියාපදිංචි සහතිකය අනිවාර්යයි

මෙම වසරේ සිට නුවරඑළිය දිස්ත්‍රික්කය තුල ව්‍යාපාර කටයුතු සිදු කිරීමට එම ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ ලියාපදිංචි සහතිකය අනිවාර්ය කර තිබෙනවා.

නුවරඑළිය දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය නිශ්ශංක විජේවර්ධන පැවසූවේ රජයේ ආහාර සහ ඖෂධ පාලකවරයා විසින් 2019 වසරේ නිකුත් කරන ලද චක්‍රලේඛණයකට අනුව මෙම ලියාපදිංචි කිරිම සිදු කරන බවයි.

එම සහතිකය ලබා ගැනීම සදහා ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය වෙත ගොස් අයදුම් පතක් ලබාගෙන එම අයදුම්පත සම්පුර්ණ කර දිමෙන් පසු ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා විසින් එම වෙලදසැල වෙත ගොස් පරික්ෂා කර බලා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ ලියාපදිංචි සහතිකය , අයදුම් කළ ව්‍යාපාරිකයන්ට ලබාදිමට නියමිතයි.

මෙලෙස ලබාදෙන ලියාපදිංචි සහතිකය වසර දෙකක කාලයක් සදහා වලංගු වනු වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56