නුගේගොඩ නගරයේ භූගත විදුලි රැහැන් ව්‍යාපෘතිය ජාතික පද්ධතිය සමග එක්වෙයි

නුගේගොඩ නගරයේ විදුලි රැහැන් යටිබහන් කිරීමේ ව්‍යාපෘතිය ඊයේ දිනයේ ජාතික පද්ධතිය සමග එකතු කිරීම සිදු කර තිබෙනවා.

1930 දශකයේ බ්‍රිතාන්‍ය පාලනය විසින් කොළඹ නගරය සහ ගාලු කොටුව ආශ්‍රිතව විදුලි රැහැන් භූගත කිරීමේ ව්‍යපෘතිවලින් පසුව සිදු කරන ලද ප්‍රධාන නගර ව්‍යපෘතිය ලෙසටයි මෙම ව්‍යාපෘතිය සැලකෙන්නේ.

ලංකා විදුලි (පුද්ගලික) සමාගම (LECO), විසින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර තිබෙනවා.

මෙගින් රථ වාහන අනතුරුවලින් සහ අයහපත් කාලගුණයෙන් සිදු වන විදුලිය බිඳ වැටීම් වලක්වා ගැනීමට, විදුලියෙන් සිදු වන අනතුරු වලක්වා ගැනීමට, ප්‍රමිතියෙන් යුත් විදුලි සැපයුමක් ලබා දීමට මෙන්ම නඩත්තු කටයුතු පහසු කිරීම සිදු වනු ඇති බවයි අමාත්‍ය කංචන විජේසේකර සඳහන් කළේ.

නුගේගොඩ නගරයේ භූගත විදුලි රැහැන් ව්‍යාපෘතිය විදුලිබල පද්ධතියට සම්බන්ධ කිරීමේ අවස්ථාවට සමගාමීව ව්‍යාපෘතිය වෙනුවෙන් දායකත්වය ලබා දුන් නිළධාරීන් සහ පාර්ශවයන් ඇගයීමද සිදු කරනු ලැබුවා.

ලෙකෝ ආයතනයේ මීළඟ ව්‍යාපෘතිය මීගමුව නගරයේ සිදු කිරීමටයි බලාපොරොත්තු වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32