spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

නුගේගොඩ නගරයේ භූගත විදුලි රැහැන් ව්‍යාපෘතිය ජාතික පද්ධතිය සමග එක්වෙයි

නුගේගොඩ නගරයේ විදුලි රැහැන් යටිබහන් කිරීමේ ව්‍යාපෘතිය ඊයේ දිනයේ ජාතික පද්ධතිය සමග එකතු කිරීම සිදු කර තිබෙනවා.

1930 දශකයේ බ්‍රිතාන්‍ය පාලනය විසින් කොළඹ නගරය සහ ගාලු කොටුව ආශ්‍රිතව විදුලි රැහැන් භූගත කිරීමේ ව්‍යපෘතිවලින් පසුව සිදු කරන ලද ප්‍රධාන නගර ව්‍යපෘතිය ලෙසටයි මෙම ව්‍යාපෘතිය සැලකෙන්නේ.

ලංකා විදුලි (පුද්ගලික) සමාගම (LECO), විසින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර තිබෙනවා.

මෙගින් රථ වාහන අනතුරුවලින් සහ අයහපත් කාලගුණයෙන් සිදු වන විදුලිය බිඳ වැටීම් වලක්වා ගැනීමට, විදුලියෙන් සිදු වන අනතුරු වලක්වා ගැනීමට, ප්‍රමිතියෙන් යුත් විදුලි සැපයුමක් ලබා දීමට මෙන්ම නඩත්තු කටයුතු පහසු කිරීම සිදු වනු ඇති බවයි අමාත්‍ය කංචන විජේසේකර සඳහන් කළේ.

නුගේගොඩ නගරයේ භූගත විදුලි රැහැන් ව්‍යාපෘතිය විදුලිබල පද්ධතියට සම්බන්ධ කිරීමේ අවස්ථාවට සමගාමීව ව්‍යාපෘතිය වෙනුවෙන් දායකත්වය ලබා දුන් නිළධාරීන් සහ පාර්ශවයන් ඇගයීමද සිදු කරනු ලැබුවා.

ලෙකෝ ආයතනයේ මීළඟ ව්‍යාපෘතිය මීගමුව නගරයේ සිදු කිරීමටයි බලාපොරොත්තු වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?