නීති විරෝධී යතුරුපැදි ජාවාරමක් වලානෙන් වටලයි

නීති විරෝධී ලෙස කොටස් එකලස් කරන ලද යතුරුපැදි, ව්‍යාජ ලිපි ලේඛන සකසා අලෙවි කළ ස්ථාන තුනක් පානදුර වලාන දූෂණ මර්ධන ඒකකය විසින් වටලා තිබෙනවා.

ඊයේ (25) දින සිදුකළ මෙම වැටලීමේ දී රුපියල් කෝටි දෙකකට ආසන්න වටිනාකමකින් යුත් 48CC සහ මොවෑඩ් වර්ගයේ යතුරුපැදි 41ක් අත්අඩංගුවට ගත බවයි පොලිසිය සඳහන් කළේ.

කුරුණෑගල, වාරියපොළ සහ මාස්පොත යන ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් මෙම ජාවාරම සිදුකරගෙන ගොස් ඇති බවයි වාර්තා වුණේ.

මෙම යතුරුපැදි කුරුණෑගල ප්‍රදේශයේ වාහන අමතර කොටස් ආනයනය කරනු ලබන ව්‍යාපාරිකයෙකු විසින් යතුරුපැදි අමතර කොටස් ලෙස ගෙන්වා මෙරට දී එකලස් කර මෙම අලෙවි මධ්‍යස්ථාන වෙත විකුණා ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

මෙම ආයතන වලින් මිල දී ගත් යතුරුපැදි ලියාපදිංචිකර ගැනීමට නොහැකි බවයි ඒවායේ ගැනුම්කරුවන් පවසන්නේ.

ජාවාරම සම්බන්ධයෙන් වාරියපොළ සහ කුරුණෑගල පොලිස් ස්ථාන විසින් වැඩිදුර විමර්ශන සිදුකරණු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?