නීති විදුහලේ විදුහල්පතිට නීතිමය පියවර ගත යුතුයි – පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමක් කියයි

පාර්ලිමේන්තු තීන්දු තීරණ අභියෝගයට ලක් කිරීම හේතුවෙන් නීති විද්‍යාලයේ විදුහල්පතිවරයාට එරෙහිව නීතිමය පියවර ගත යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමක් පවසනවා.

නීති විද්‍යාලීය පරීක්ෂණ සඳහා පෙනී සිටින සිසුන්ට ඔවුන්ගේ මව් බසින් මුහුණ දීමට අනුමැතිය ලබාදීමේ පාර්ලිමේන්තු තීරණයට එරෙහිව, නීති විද්‍යාලයේ විදුහල්පතිවරයා එම පරීක්ෂණ ඉංග්‍රීසි බසින් පැවැත්වීමට සහාය ලබා ගැනීමේ ප්‍රචාරක වැඩපිළිවෙලක් දියත් කර තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ප්‍රකාශ කර තිබෙනවා.

මේ හේතුවෙන් එම විදුහල්පතිවරයාට එරෙහි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස දයාසිරි ජයසේකර කථානායක මහින්ද යාපා අබේවර්ධනගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

නීති විද්‍යාලීය විභාග ඉංග්‍රීසි මාධ්‍යයෙන් පැවැත්විය යුතු බවට වූ ගැසට් නිවේදනය පසුගිය 23 දින පාර්ලිමේන්තුවේදී පරාජයට පත්වුණා.

නීති විද්‍යාලයේ මීළඟ පරීක්ෂණය පැවැත්වෙන්නේ මේ මස 24 වන දිනයි.

නීති විද්‍යාලීය විදුහල්පතිවරයා වරප්‍රසාද හා ආචාරධර්ම කමිටුව හමුවට කැඳවිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර පවසා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !