නීති කැඩූ ෂෙඩ් හතරකට තෙල් නිකුත් කිරීම සංස්ථාවෙන් නවතා දමයි

ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නීතිරීති හා උපදෙස්වලට පටහැනිව කටයුතු කළ ඉන්ධන පිරවුම්හල් 04ක සැපයුම ඊයේ (19) දිනයේ සිට අත්හිටුවීමට පියවර ගෙන ඇති බව වාර්තා වනවා.

ඒ, අනුව මාකොල දකුණ, නාල්ල, කැලණිය පෙතියාගොඩ සහ මීරිගම ප්‍රදේශවල පිහිටි ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවට අයත් පිරවුම්හල්වලට ඉන්ධන සැපයුම මෙලෙස අත්හිටුවීමට කටයුතු කර තිබෙනවා.

ඉන්ධන පිරවුම්හල් පරීක්ෂා කිරීම සඳහා යොදවා ඇති විමර්ශන කණ්ඩායම සිදුකළ පරීක්ෂණයකින් අනතුරුවයි මෙම පියවර ගෙන ඇත්තේ.

මේ අතර ඉන්ධන පිරවුම්හල් මඟින් ඉන්ධන නිකුත් කිරීමේ දී සිදුවන ප්‍රමාදයන් අවමකර ගැනීම සහ ගනුදෙනු සඳහා වැයවන කාලය ඉතිරිකර ගැනීමට සඳහා ක්‍රියාකළ යුතු ආකාරය පිළිබඳව ඉන්ධන පිරවුම්හල් හිමියන් දැනුම්වත්කර ඇති බවයි ඛනිජතෙල් නීතිගත සංස්ථාව සඳහන් කළේ.

1 1


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32