spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

නීති කැඩූ ෂෙඩ් හතරකට තෙල් නිකුත් කිරීම සංස්ථාවෙන් නවතා දමයි

ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නීතිරීති හා උපදෙස්වලට පටහැනිව කටයුතු කළ ඉන්ධන පිරවුම්හල් 04ක සැපයුම ඊයේ (19) දිනයේ සිට අත්හිටුවීමට පියවර ගෙන ඇති බව වාර්තා වනවා.

ඒ, අනුව මාකොල දකුණ, නාල්ල, කැලණිය පෙතියාගොඩ සහ මීරිගම ප්‍රදේශවල පිහිටි ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවට අයත් පිරවුම්හල්වලට ඉන්ධන සැපයුම මෙලෙස අත්හිටුවීමට කටයුතු කර තිබෙනවා.

ඉන්ධන පිරවුම්හල් පරීක්ෂා කිරීම සඳහා යොදවා ඇති විමර්ශන කණ්ඩායම සිදුකළ පරීක්ෂණයකින් අනතුරුවයි මෙම පියවර ගෙන ඇත්තේ.

මේ අතර ඉන්ධන පිරවුම්හල් මඟින් ඉන්ධන නිකුත් කිරීමේ දී සිදුවන ප්‍රමාදයන් අවමකර ගැනීම සහ ගනුදෙනු සඳහා වැයවන කාලය ඉතිරිකර ගැනීමට සඳහා ක්‍රියාකළ යුතු ආකාරය පිළිබඳව ඉන්ධන පිරවුම්හල් හිමියන් දැනුම්වත්කර ඇති බවයි ඛනිජතෙල් නීතිගත සංස්ථාව සඳහන් කළේ.

1 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?