නීතිවිරෝධී ව ගෙන්වන ලද සිගරට් – සිද්ධි දෙකකට සිව්දෙනෙකු අත්අඩංගුවට

මන්නාරම පොලිස් වසමේ ඔලුතුඩුවායි ප්‍රදේශයේ දී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ මන්නාරම ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදු කර තීරු බදු රහිතව නීති විරෝධී ලෙස මෙරටට ගෙන්නවන ලද දුම්වැටි 168,000ක් ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු ලොරි රථය ද සමඟ හා ඊට ආධාර අනුබල දුන් ඉන්දියානු ජාතිකයෙකු ඊයේ (21) අත්අඩංගුවට ගෙන මන්නාරම පොලිස් ස්ථානයට ඉදිරිපත් කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය නිවේදනය කළේ, මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අවුරුදු 22, 67 වයස්වල පසුවන මන්නාරම හා කොළඹ 14 ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර ඉන්දියන් ජාතික සැකකරු වයස අවුරුදු 53ක් වූ චෙන්නායි ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි.

මේ අතර රුපියල් හැට එක් ලක්ෂ විසි පන් දහසක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත්, ඒවා කටුනායක ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති “හරිත මාවත” ( Green Channel ) ඔස්සේ පිට කර ගෙන යාමට තැත් කළ ශ්‍රී ලාංකික ගුවන් මගී කාන්තාවක් ඊයේ උදෑසන ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

ඇය කළුබෝවිල ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි මැහුම් සේවිකාවක් බවයි වාර්තා වන්නේ.

සැකකාරිණිය සිය 07 හැවිරිදි කුඩා දියණිය සමග මෙම දුම්වැටි තොගය රැගෙන විත් තිබුණේ රේගු නිලධාරීන්ගේ අවධානය වෙනස් කිරීමට බවයි ගුවන්තොටුපොළ වාර්තාකරු පැවසුවේ.

ඇය ඊයේ උදෑසන 08.10 ට ඩුබායි සිට ෆ්ලයි ඩුබායි ගුවන් සේවයේ එෆ්.ඉසෙඩ්.- 579 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

සැකකාරිණිය රැගෙන ආ ගමන් මළු 03 ක් තුළ මෙම “ප්ලැටිනම් 07 ඩබල් මික්ස් වර්ගයේ විදේශීය නිෂ්පාදිත දුම්වැටි 35,000ක් අඩංගු, දුම්වැටි කාටූන් 175 ක් සඟවා ගෙන සිටියදී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

මෙම කාන්තාව මීට පෙර අවස්ථා දෙකක දී ද මේ ආකාරයට ඩුබායි සිට කටුනායක ගුවන් තොටුපොළ ඔස්සේ පැමිණ තිබූ අතර, මෙම දුම්වැටි තොගය දෙහිවල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගේ අවශ්‍යතා මත තමන් රැගෙන ආ බව ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් හමුවේ ඇය අනාවරණය කර තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිනිස්සු හූ කිය කිය බස්වලට නගියි - නාමල්ගේ රැළියට රාජාංගනයෙන් මහ සෙනඟක්
01:15
Video thumbnail
අපේ නාමල්ට ජයවේවා..! රැළියට එන ගමන් නාමල්ට ජය ඝෝෂා නගන මිනිස්සු
01:18
Video thumbnail
පොහොට්ටුවේ රැස්වීමට බස්වලින් මිනිස්සු අදින හැටි
00:53
Video thumbnail
මහින්ද මහත්තයා අද කෙළින් එන්නේ අනුරයා එන්නේ මෙහෙක් වෙලා - රතිඤ්ඤා දාලා මිනිස්සු කෑගහලා කිව්ව දේ
00:38
Video thumbnail
අපි බස් 5කින් ‍යන ගමන් අනුරාධපුරයට - පේනවනේ කට ක#පා..සෙල්ලම්ද බ්‍රෝ සෙනඟ
02:31
Video thumbnail
නාමල් ජනපති කිරීමේ පළමු වෙ# මුරය අනුරාධපුරයෙන් - අද ජනතාව පොදි බැදගෙන එනවා
02:20
Video thumbnail
හිටපු ජනපති මහින්ද සහභාගි වෙනවා රැළියට - ක්‍රීඩාංගනයට කොහොමද මේ සෙනඟ දාන්නේ
02:59
Video thumbnail
පෞද්ගලික සමාගම් සතු බොහෝ ඉන්ධන පිරවුම්හල්වල ඩීසල් හිඟයක් - පිරවුම්හල් ඉදිරියේදී කරගෙන යන්න බෑ
05:21
Video thumbnail
කාන්තාවෝ එක පෙළට පොහොට්ටුවේ රැළියට - "මෙන්න අපි එනවා රැළියට..කාන්තාවෝ ගොඩක් එනවා"
03:33
Video thumbnail
මහින්ද රාජපක්ෂ වෙනුවෙන් අනුරාධපුරයට අපි එනවා - බෝනස් කට්ටිය කෝච්චියෙමුත් ගියා
02:23