නීතිවිරෝධී ලෙස ධීවර කටයුතු කළ සිව්දෙනෙකුට මාංචු

නීතිවිරෝධී ලෙස ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නාවික හමුදා මාධ්‍ය අංශය නිවේදනය කළේ මෙම සැකකරුවන් ව ත්‍රිකුණාමලයේ දී නාවික හමුදා භාරයට ගත් බවයි.

ශ්‍රී ලංකා නාවික හමුදාව, ත්‍රිකුණාමලය – කුච්චවේලි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ දී සිදු කළ සෝදිසි මෙහෙයුමක් මගින් සැකකරුවන් අත් අඩංගුවට ගැනුණු අතර ඔවුන් සන්තකයේ තිබී, නීතිවීරෝධී දැල් සමග ඩිංගි යාත්‍රාවක් ද නාවික හමුදා භාරයට ගැනුණා.

මෙම මෙ‍හෙයුම මගින් නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් අවුරුදු 17 ත් 37 ත් අතර වයසේ පසුවන කුච්චවේලි ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හඳුනාගෙන තිබෙනවා.

එම සැකකරුවන් සමග ඩිංගි යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා කුච්චවේලි ධීවර පරීක්‍ෂක කාර්යාලය වෙත භාරදීමට කටයුතු කෙරුණු බවත් නාවික හමුදා මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32
Video thumbnail
අභිරහස් ලෙස මහ පාරේ අවසන් ගමන් ගිය පුද්ගලයා
01:44
Video thumbnail
ජනාධිපතිතුමා කියන පච ගැන කිව්වා විතරයි, මගේ ෆේස්බුක් පේජ් එකක් සස්පන්ඩ් වුණා
04:18