spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

නීතිවිරෝධී මත්ද්‍රව්‍ය අලෙවියේ සහ භාවිතයේ යෙදුණු දෙදෙනෙක් පොලිස් අත්අඩංගුවට

නීතිවිරෝධී මත්ද්‍රව්‍ය නිෂ්පාදනාගාරයක් පවත්වාගෙන ගිය ස්ථානයක් වටලා, පුද්ගලයෙකු තණමල්විල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අද දහවල් මෙම වැටලීම සිදු කෙරුණු බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

වැටලීම සිදු කරන අවස්ථාවේ දී ඊට පොලිස් නිල සුනඛයින්ගේ ද සහයෝගය හිමි ව තිබෙනවා.

මේ දිනවල අදාළ පොලිස් බල ප්‍රදේශයේ නීතිවිරෝධී මත්ද්‍රව්‍ය අලෙවි කිරීම්, භාවිත කිරීම් සම්බන්ධයෙන් විවිධ අවස්ථාවල තොරතුරු ලැබෙන අතර, අඛණ්ඩ ව ඒවා සොයා පොලිස් විමර්ශන ක්‍රියාත්මක පසුබිමකදියි මෙම වැටලීම සිදු කරනු ලැබුවේ.

මෙම මත්පැන් නිෂ්පාදනාගාරය භූගතව ඉතා සූක්ෂ්ම ලෙසින් පවත්වාගෙන ගොස් තිබෙනවා.

වැටලීම සිදු කරන අවස්ථාවේ දී නීතිවිරෝධී මත්පැන් ලීටර් 15ක් පමණ පොලිසිය විසින් සොයාගනු ලැබුවා.

මීට අමතර ව තීරු බදු රහිත ව මෙරටට ගෙන්වන ලද සිගරට් තොගයක් සමග පුද්ගලයෙකු පොලිස් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සැකකරු තණමල්විල ප්‍රදේශයේ ම පදිංචිකරුවෙක්.

පොලිස් විමර්ශනවලින් අත් අඩංගුවට ගත් මත්පැන් නිෂ්පාදනාගාරයේ හිමිකරු සහ තීරුබදු රහිත ව සිගරට් ගෙන්වූ තැනැත්තාව වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?