නීතිවිරෝධී මත්ද්‍රව්‍ය අලෙවියේ සහ භාවිතයේ යෙදුණු දෙදෙනෙක් පොලිස් අත්අඩංගුවට

නීතිවිරෝධී මත්ද්‍රව්‍ය නිෂ්පාදනාගාරයක් පවත්වාගෙන ගිය ස්ථානයක් වටලා, පුද්ගලයෙකු තණමල්විල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අද දහවල් මෙම වැටලීම සිදු කෙරුණු බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

වැටලීම සිදු කරන අවස්ථාවේ දී ඊට පොලිස් නිල සුනඛයින්ගේ ද සහයෝගය හිමි ව තිබෙනවා.

මේ දිනවල අදාළ පොලිස් බල ප්‍රදේශයේ නීතිවිරෝධී මත්ද්‍රව්‍ය අලෙවි කිරීම්, භාවිත කිරීම් සම්බන්ධයෙන් විවිධ අවස්ථාවල තොරතුරු ලැබෙන අතර, අඛණ්ඩ ව ඒවා සොයා පොලිස් විමර්ශන ක්‍රියාත්මක පසුබිමකදියි මෙම වැටලීම සිදු කරනු ලැබුවේ.

මෙම මත්පැන් නිෂ්පාදනාගාරය භූගතව ඉතා සූක්ෂ්ම ලෙසින් පවත්වාගෙන ගොස් තිබෙනවා.

වැටලීම සිදු කරන අවස්ථාවේ දී නීතිවිරෝධී මත්පැන් ලීටර් 15ක් පමණ පොලිසිය විසින් සොයාගනු ලැබුවා.

මීට අමතර ව තීරු බදු රහිත ව මෙරටට ගෙන්වන ලද සිගරට් තොගයක් සමග පුද්ගලයෙකු පොලිස් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සැකකරු තණමල්විල ප්‍රදේශයේ ම පදිංචිකරුවෙක්.

පොලිස් විමර්ශනවලින් අත් අඩංගුවට ගත් මත්පැන් නිෂ්පාදනාගාරයේ හිමිකරු සහ තීරුබදු රහිත ව සිගරට් ගෙන්වූ තැනැත්තාව වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
00:00
Video thumbnail
වෙ# තියලා මැ#වත් අපි බය නෑ - මාරසිංහ ගාව හිටිය පොඩි කොල්ලා මම - වාරුව ගන්න අවු:40ක් බලාගෙන හිටියා
03:48
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා මිසක් අපි පස්සට යන්නේ නෑ
02:34
Video thumbnail
පොහොට්ටු රැළියේ සෙනඟ වැඩි නිසා කණුවක් උඩට නැග්ග තරුණයෝ
00:32
Video thumbnail
පොහොට්ටුවේ අනුරපුරේ බලය පෙන්නද්දී මාලිමාව පොළොන්නරුවේ වැඩ පෙන්නයි
01:34
Video thumbnail
අර්චුනාත් පොහොට්ටුවේ වේදිකාවට ගොඩවෙයි
02:48
Video thumbnail
අපි මොන සෙල්ලම් දැම්මත් ඔබේ හයිය නැත්තම් අපිටත් හයිය නෑ - පොහොට්ටුවේ පළමු වෙ# මුරය මේක
03:13
Video thumbnail
අනුර කුමාර ඇවිල්ලා බලපන් - උඹේ පචවලට උත්තර දෙන්න අපි සූදානම්
01:21
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා තමයි අපි නවතින්නේ
01:38