නීතිය සහ සාමය ස්ථාපිත කිරීම මානව හිමිකම් කඩකිරීමක් නොවෙයි (ඡායාරූප)

අරගලය මුවාවෙන් ප්‍රචණ්ඩත්වය වැපිරූ පිරිසගෙන් එදා පාර්ලිමේන්තුව, අග්‍රාමාත්‍ය කාර්යාලය සහ ජනාධිපති කාර්යාලය ඇතුළු රාජ්‍ය දේපළ බේරා ගනිමින් රට තුළ නීතිය හා සාමය ස්ථාපිත කිරීමට තමා ගත් පියවර මානව හිමිකම් කඩකිරීමක් ලෙස පෙන්වා දීමට ඇතැමුන් උත්සාහ කළද එදා එම පියවර නොගත්තා නම් අද රට තුළ මෙලෙස ආර්ථික ස්ථාවරත්වයක් ගොඩනැගීමට හැකි නොවනු ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

අසීරු සහ අමිහිරි යුගයක් පසු කර රටක් ලෙස ඉදිරියට යන ගමනේදී නීතිය හා සාමය කඩවීමට ඉඩ නොතැබිය යුතු බව අවධාරණය කළ ජනාධිපතිවරයා සෑම ක්ෂේත්‍රයක් තුළම නීතිය සහ සාමය ආරක්ෂා කිරීමට සියලු පාර්ශ්වයන්ට වගකීමක් පැවරී ඇති බව ද පෙන්වා දුන්නා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කර සිටියේ, විශ්වවිද්‍යාල ආචාර්යවරු සමඟ ඊයේ (25) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවේදීයි.

රට තුළ වත්මන් ආර්ථික වැඩපිළිවෙළ සහ ඒ සඳහා විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ අදහස් සහ යෝජනා පිළිබඳ සාකච්ඡා කිරීම වෙනුවෙන් හිටපු අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් විසින් මෙම හමුව සංවිධානය කර තිබිණා.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ, රටට නව අධ්‍යාපන ක්‍රමයක් හඳුන්වා දීමට රජය කටයුතු කරමින් සිටින අතර අග්‍රාමාත්‍ය ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් ඒ සඳහා කමිටුවක් ද පත් කර ඇති බවයි.

විභාග බර අඩු කරමින් පාසල් අධ්‍යාපනයේ සිදු කළ යුතු වෙනස්කම් පිළිබඳ රජයේ අවධානය යොමුව තිබෙන බව පැවසූ ජනාධිපතිවරයා විශ්වවිද්‍යාල පද්ධතියේද පරිවර්තන රැසකට මුල පුරා තිබෙන බවත් එළැඹෙන මැතිවරණයෙන් පසු නව පාර්ලිමේන්තුවක් යටතේ එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බවත් කියා සිටියා.

මෙම වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීම වෙනුවෙන් සියලුදෙනාගේ සහයෝගය අවශ්‍ය බව පැවසූ ජනාධිපතිවරයා 2035 වන විට දියුණු අධ්‍යාපන ක්‍රමයක් රට තුළ ඇති කිරීම තම අරමුණ බවද සඳහන් කළා.

මෙම වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට විශ්වවිද්‍යාල පද්ධතිය තුළ යහපත් වාතාවරණයක් තිබිය යුතු බවද පෙන්වා දුන් ජනාධිපතිවරයා විශ්වවිද්‍යාල පාලනය බාහිර පාර්ශ්වයකට පවරනවාද එම තත්ත්වය වෙනස් කර විශ්විවද්‍යාල පද්ධතිය තුළ නව වාතාවරණයක් ඇති කරනවාද යන්න විශ්වවිද්‍යාල තුළින්ම තීරණය කළයුතු බවද කියා සිටියා.

පසුගියදා තමා කැළණිය විශ්වවිද්‍යාලයේ විවෘත කිරීමකට සහභාගී වන අවස්ථාවේ ඊට එරෙහිව සුළු පිරිසක් විරෝධතා දැක්වුවද තමන් වෙත පැවරී තිබූ වගකීම සහ රාජකාරිය ඉටු කිරීම අතපසු නොකළ බවද ජනාධිපතිවරයා මෙහිදී සිහිපත් කළා.

අධ්‍යාපන ක්ෂේත්‍රයේ සිදු කළ යුතු ප්‍රතිසංස්කරණ රැසක් පිළිබඳ මෙහිදී විශ්වවිද්‍යාල ආචාර්යවරු අදහස් දැක්වූ අතර දැනුම නිර්මාණය කිරීම, එම දැනුම බෙදා හැරීම සහ රටේ ජාතික අවශ්‍යතා ඉටු කිරීමත් විශ්වවිද්‍යාල ආචාර්වරුන් ඇතුළු බුද්ධිමතුන් විසින් සිදු කළ බවට අවධාරණය කෙරිණි.

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂමෙන් වෙන් වූ ස්වාධීන අධ්‍යාපන ආයතන බවට විශ්වවිද්‍යාල පද්ධතිය පත් කිරීම, විශ්වවිද්‍යාලවලට අනන්‍ය වූ වර්තමාන ගෝලිය අවශ්‍යතාවයන්ට සරිලන තාක්ෂණයෙන් යුත් නව පාඨමාලාවන් හැදෑරීමට දෙස් විදෙස් සිසුන්ට අවස්ථාව ලබාදීම හා ඒ සඳහා අවශ්‍ය වටපිටාව විශ්වවිද්‍යාල පද්ධතිය තුළ ස්ථාපිත කිරීමේ වැදගත්කම පිළිබඳ මෙහිදි අවධානය යොමු කෙරිණි.

එමෙන්ම විශ්වවිද්‍යාල පද්ධතිය පූර්ණ ප්‍රතිව්‍යුහගතකරණයකට ලක් කර ආර්ථික සංවර්ධනයට පුළුල් දායකත්වයක් ලබාදෙන ආයතන බවට පත්කිරීමේ වැදගත්කම ද සාකච්ඡාවට ලක් වුණා.

මෙහිදී විශ්වවිද්‍යාල ආචාර්යවරු මතුකළ ප්‍රශ්න කිහිපයක් සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඒවාට ලබාදුන් පිළිතුරු පහතින්,

ප්‍රශ්නය:
ව්‍යවසායකත්ව අධ්‍යාපනය පිළිබඳ ලෝකයේ බොහෝ රටවල ප්‍රමුඛ අවධානයක් යොමු කර තිබෙනවා. එබැවින් අප රට තුළ ද ව්‍යවසායකත්ව අධ්‍යාපනය අනිවාර්යය කිරීමට කටයුතු කරන ලෙස යෝජනා කරනවා.

පිළිතුර:
විශ්වවිද්‍යාල විෂය මාලාවන් තුළ සිදු කළ යුතු ප්‍රායෝගික වෙනස්කම් පිළිබඳ මේ වන විට රජයේ අවධානය යොමුව තිබෙන බව ප්‍රකාශ කිරීමට කැමතියි. ඒ සඳහා මේ වන විට කමිටු කිහිපයක්ම පත් කර තිබෙනවා. මෙහිදී විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට ද විශාල වගකීමක් පැවරී තිබෙනවා.

ප්‍රශ්නය:
විශ්වවිද්‍යාල අධ්‍යාපනය විධිමත් කිරීමට නම් රටේ නීතිය විශ්වවිද්‍යාල තුළ ක්‍රියාත්මක වීම අවශ්‍ය බව ප්‍රකාශ කිරීමට කැමතියි.

පිළිතුර:
එය තනිව ආණ්ඩුවට පමණක් කළ නොහැකියි. එය සියලු දෙනා එක්ව සිදු කළයුතු කාර්යයක්. නමුත් අනිත් අය නිශ්ශබ්දව සිටීම කණගාටුවට කරුණක්. 1980 දශකයේඇති වූ ක්‍රමය නිසයි මෙය සිදු වුණේ. නැවත වතාවක් අපට මෙම තත්ත්වයට යාමට නොහැකියි. ඒ නිසා අලුත් රටට ගැළපෙන අලුත් අධ්‍යාපන ක්‍රමයක් අප කඩිනමින් ඇති කළයුතුයි. ඒ සඳහා සියලුදෙනාගේ සහාය අවශ්‍යයි. විශ්වවිද්‍යාලයට සිසුවෙකු ඇතුළත් කර වසර හතරකින් උපාධිය ලබා ගැනීම පමණක් නොවයි. විශ්වවිද්‍යාලය තුළ වාද විවාද කිරිමට ද අවස්ථාව තිබිය යුතුයි. අතීතයේ දේශපාලනඥයන් විශ්වවිද්‍යාලවලට පැමිණ සාකච්ඡා පැවැත්වුවා. අද එවැනි පරිසරයක් විශ්වවිද්‍යාල තුළ දකින් නැහැ. අප නැවත ඒ තත්ත්වය ඇති කළ යුතුයි.

Meeting with university professors 07 1
Meeting with university professors 09 1
Meeting with university professors 02 1
Meeting with university professors 03 1
Meeting with university professors 04 1
Meeting with university professors 12 2
Meeting with university professors 06 2
Meeting with university professors 13 2


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18