නීතිඥ ලක්මාලි හේමචන්ද්‍රට කාරක සභාවක සභාපති ධුරයක්

ආර්ථික සංවර්ධනය සහ අන්තර්ජාතික සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර මෙනෙවිය පත් කර තිබෙනවා.

කාරක සභාවේ මංගල රැස්වීම පාර්ලිමේන්තුවේ දී අද (22) රැස් වූ අවස්ථාවේ දීයි ඇය මෙම ධුරය සඳහා පත් ව ඇත්තේ.

මන්ත්‍රී විජේසිරි බස්නායක මහතා විසින් ලක්මාලි හේමචන්ද්‍ර මෙනෙවියගේ නම යොජනා කරනු ලැබුවා.

එය ස්ථීර කළේ, මන්ත්‍රී කන්දසාමි ප්‍රභු මහතා විසින්.

කාරක සභාවේ සෙසු සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුවන ලක්ෂ්මන් නිපුණ ආරච්චි, නීතිඥ සාගරිකා අතාවුද, නීතිඥ නිලන්ති කොට්ටහච්චි හා තිළිණ සමරකෝන් යන අය ද මෙම රැස්වීමට සහභාගි වී සිටියා.