නීතිඥයෙකු ජනපතිට එවූ අමුතු ලියුම

සියදිවි හානි කරගැනීමට පාර්ලිමේන්තුවේ අවසරය ඉල්ලමින් BAW අබේවර්ධන නමැති නීතිඥයෙකු විසින් ජනාධිපතිවරයා, කථානායකවරයා ඇතුළු සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලිපියක් යොමු කර තිබෙනවා.

තමන් සේවය කළ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවෙන් කිසියම් හේතුවක් මත තමාව ඉවත් කිරීම හේතුවෙන් ජනතා බදු මුදලින් අධ්‍යපනය ලැබීමේ ණය ගෙවා ගැනීමට නොහැකි වීම මත තමන් දිවි නසා ගැනීමට තීරණය කර ඇති බව ඔහු පවසනවා.

“ණය ගෙවා ගත නොහැකිකම මත සියදිවි නසා ගැනීමට පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගැනීම” යන ආන්දෝලනාමක ලිපි ශිර්ෂය යටතේ මෙම ලිපිය පසුගියදා පාර්ලිමේන්තුවේ කතානායක සහ සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත යොමු කර ඇති බවට වාර්තා වනවා.

මෙරට ජනතාවගේ බදු මුදල් වලින් හෝඩියේ සිට උසස්පෙළ දක්වාත් අනතුරුව පේරාදෙණිය සහ කොළඹ විශ්වවිද්‍යාලවලත්, විදෙස් රටවලත් දීර්ඝ කාලයක් අධ්‍යාපනය ලැබීම හේතුවෙන් තමන් මෙරට බදු ගෙවන ජනතාවට බරපතල ලෙස ණය වී ඇති බවද එම ලිපියේ සඳහන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා
01:10
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි
01:23
Video thumbnail
ආණ්ඩුව සුපිරිම සුපිරි වැඩක් කරන්නේ
01:08
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි..නාමල් ඇතුළට දැම්මේ පළිගැනීමට
02:49
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා - බැඳුම්කර මංකොල්ලයට වඩා වැඩියි
02:21
Video thumbnail
ඥානසාර හිමියන් ඇතුළට යන්න හේතුව එකින් එක හෙළිකළ සන්ධ්‍යා එක්නැළිගොඩ
26:23
Video thumbnail
ශිරන්ති අතත් වනාගෙන බන්ධනාගාර බසයට නගියි
01:29
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු
00:37
Video thumbnail
ඥානසාර හිමි ගිහි ඇඳුමෙන් ගෙන ඒම පිළිකුලෙන් හෙළා දකිනවා - රජ කරන්නේ සිංහල බෞද්ධ රටක
04:10
Video thumbnail
ශිරන්ති බන්ධනාගාරයට ගෙනියද්දි අධිකරණය ඉදිරියේ උණුසුම් -"මැඩම් ශක්තිමත් වෙන්න ශක්තිමත් වෙන්න"
02:40