නිහාල් නෙල්සන් ගැන අසුභ පුවතක්

ප්‍රවීණ ගායක නිහාල් නෙල්සන් කියන්නෙ කවුද කියලා අමුතුවෙන් හඳුන්වා දෙන්න අවශ්‍ය නැහැ. “ලස්සනට පිපුණු”, “බයිලා වෙන්දේසිය”, “කාවඩි බයිලා” වැනි අතිශය ජනප්‍රිය ගී රැසක් ගැයූ ඔහු ප්‍රසංග වේදිකාවටත් නැතුවම බැරි කෙනෙක්.

නමුත් හිටි හැටියේ ඔහු ගැන කණගාටුදායක පුවතක් අපිට අහන්න ලැබුණා.

නිහාල් නෙල්සන්ට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති අතර, ඒ ගැන දැනුම්වත් කරමින් ඔහු මුහුණූ පොතට සටහනක් ද එක් කර තිබුණා.

එම සටහන පහතින් …

මාගේ සියළු හිතමිත්‍රාදීන් දැනුවත් කිරීම උදෙසා මෙම සටහන තබමි.

මා හට covid-19 රෝගය ආසාදනය වී ඇති බව ඊයේ දින සිදුකල පරීක්ෂණ මගින් තහවුරු වී ඇති බැවින් මේ වන විට මා වෛද්‍ය උපදෙස් මත රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටිමි.

ඒබැවින් පසුගිය දින කිහිපය තුල මා හමුවූ සියළු දෙනා‌ නිසි සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරන්නේනම් මැනවි. මෙම අවස්ථාවේදී ඔබ විසින් ලබා දෙනු ලබන දුරකථන ඇමතුම් සඳහා පිළිතුරු දීමට නොහැකි වීම සම්බන්ධයෙන් මාගේ කණගාටුව..විශේෂයෙන් ‌රෝහල් අධ්‍යක්ෂකතුමිය, වෛද්‍ය කාර්ය මණ්ඩලය ඇතුළු සියළුම කාර්ය මණ්ඩලයටත් ‌මා රෝහල් ගතවූ විගසම ඒ් බව කිසියම් ආකාරයකින් සැලවී සියළු කාර්යන් පිළිබඳව සොයා බලා මා හට දැක්වූ සහයෝගය පිළිබඳව ගායක ගායිකා සංගමයේ සභාපති ගරු Janaka Wickramasinghe මල්ලිටත් මා හිතවත් ‌වෛද්‍ය Ajith Bandara මල්ලිටත් බොහොම ස්තූතියි….සියළු දෙනාටම බුදු සරණයි. දෙවි පිහිටයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.08
00:00
Video thumbnail
රනිල් සිංගප්පූරුවේ ඉදලා ඥානසාර හිමි වෙනුවෙන් එවූ පණිවිඩය - ජාතියක් හැටියට කම්පනයට ලක්වූ අවස්ථාවක්
05:05
Video thumbnail
මාලිමා මන්ත්‍රීට කට උත්තර නැති කළ හෙක්ටර් - මට හොඳ ජාතකයක් තියෙනවා..සිංහල හොඳ එකෙක්
07:20
Video thumbnail
අර්චුනා නැගිටලා සමන්මලීට සැරටම පාඩම් කියලා දෙයි - කරුණාකරලා උගන්නලා පුටුවේ ඉන්දවන්න
01:02
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර අයින් කිරීම ගැන ලොකු කණගාටුවක් තියෙනවා - හද කම්පාවන සිද්දියක් ඊයේ වුණේ
04:53
Video thumbnail
මාලිමා මන්ත්‍රී අත්අඩංගුවට ගත් අනතුරේ තොරතුරු හෙළිවෙයි - දැකපු මනුස්සයෙක් සියල්ල කියයි
02:16
Video thumbnail
වන සංරක්ෂන නිලධාරින් හා ගම්වාසීන් අතර උණුසුම් තත්ත්වයක් - ඔයා මොකද වීඩියෝ කරන්නේ ?
12:25
Video thumbnail
වී ලොරිය පසුපස හඹා ආ වන අලියා - අලියට බයේ රිවස් එකට ගිය වාහන
00:51
Video thumbnail
ඥානසාර හිමි ගැන දුමින්ද කට අරියි - සිවුරට ගි#නි තියන්න සූදානම් වෙන්න එපා
03:47
Video thumbnail
වන අලියා ළඟ බයික් එකේ වාඩිවෙලා විදේශිකයා ගත්ත Fun එක - කිසි බයක් නැතුව ඉන්න හැටි
00:42