නිශාරා ජයරත්න ගැන අලුත්ම පුවතක් : තනතුර ව්‍යාජයි – අමුතුවෙන් ඉවත් වෙන්න දෙයක් නෑලු

අධිනීතිඥ නිශාරා ජයරත්න මහත්මිය නීතිපති දෙපාර්තමේන්තුව තුළ දැරූ නීතිපති සම්බන්ධීකරණ නිලධාරී ධූරය සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව තුළ මතභේදාත්මක තත්ත්වයක් ඇතිවී තිබේ.

ඒ නීතිපති සම්බන්ධීකරණ නිලධාරී ධූරය දප්පුල ද ලිවේරා මහතාගේ පෞද්ගලික සම්බන්ධකම් මත ව්‍යාජ ආකාරයට නිර්මාණය කරන ලද තනතුරක් ලෙස නීතිපති දෙපාර්මේන්තුව අභ්‍යන්තරයෙන්ම ප්‍රකාශ වීම හේතුකොටගෙනය.

මැයි 24 වැනි දින නීතිපති ධූරයෙන් සමු ගැනීමට නියමිත දප්පුල ද ලිවේරා මහතා සිය ප්‍රසිද්ධිය තකා නිර්මාණය කරන ලද නිතිපති සම්බන්ධීකරණ නිලධාරී තනතුර නීතිපති කාර්ය මණ්ඩල තනතුරක් නොවීම නිසා එම ධූරය ස්වභාවිකවම බල රහිත වන බව නීතිපති දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග පෙන්වා දෙයි.

2019-5-21 දින දප්පුල ද ලිවේරා මහතා නීතිපති ධුරයට පත්වීමත් සමඟ වසර 136 ක නීතිපති දෙපාර්තමේන්තුව ඉතිහාසය තුළ නොතිබූ නීතිපති සම්බන්ධීකරණ නිලධාරී යයි හඳුන්වන තනතුරක් සිය පුද්ගලික උවමනාව මත නිර්මාණය කළ බව නීතිපති දෙපාර්තමේන්තු අභ්‍යන්තර ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

නීතිපති සම්බන්ධීකරණ නිලධාරී තනතුර සඳහා රාජ්‍ය වැටුප් හා සේවක සංඛ්‍යා කමිටුව විසින් කිසිදු ආකාරයක අනුමැතියක් හෝ නිර්දේශයක් නීතිපතිවරයාට ලබාදී නොතිබුණු බවද දැන් හෙළිදරව් වී තිබේ.

නිශාරා ජයරත්න මහත්මියගේ මෙම පත්වීම පිළිබඳව නීතිපති දෙපාර්තමේන්තුව තුළ නිහඬ විරෝධතාවයක් තිබූ බවද මේ වන විට හෙළිදරව් වෙමින් තිබේ.

රාජ්‍ය සේවයේ තනතුරු සඳහා බඳවා ගැනීම් රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ හා කළමනාකරණ සේවා චක්‍රලේඛ වලට අනුව සිදු කළ යුතු අතර ඒ පිළිබඳව ප්‍රසිද්ධ දැන්වීම් මගින් අයදුම්පත් කැඳවා සම්මුඛ පරීක්ෂණ පවත්වා සුදුසුකම් ලත් අයෙකු පත් කළ යුතු මුත් ඒ පටිපාටියෙන් බැහැරව නිශාරා නිෂාරා ජයරත්න මහත්මිය එවැනි තනතුරකට පත්කිරීම පිළිබඳව පත්වීමට නියමිත නව නීතිපතිවරයාගෙන් තොරතුරු දැනගැනීමේ පනත යටතේ  අධිකරණ තොරතුරු වාර්තා කරන මාධ්‍යවේදීන් පිරිසක් සූදානමින් සිටින බවද වාර්තා වේ.

එළඹෙන මැයි 24 වැනි දින නීතිපති දප්පුල ද ලිවේරා මහතා එම තනතුරින් ඉවත්ව යද්දී තමන්ද නීතිපති සම්බන්ධීකරණ නිලධාරී තනතුරින් ඉවත් වන බව නිශාරා ජයරත්න මහත්මිය මේ වන විටත් ප්‍රකාශ කොට තිබේ



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20
Video thumbnail
පන්සලේ විදුලි බල්බ නිවලා චෛත්‍යයේ කොත සහ චූඩාමාණික්‍යය හොරු උස්සලා
01:47
Video thumbnail
රුවන්වැලි මහසෑ නායක හිමියන් ළමා දිනය වෙනුවෙන් කළ අපූරු ක්‍රියාව
14:57
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06
Video thumbnail
සුනිත්‍ය බලශක්ති අධිකාරිය අද බුදියගෙන - වහල මත සූර්ය පැනල ගහන එකේ දොර වහන්න හදන්නේ
04:25
Video thumbnail
මෙරායා දමිළ මහා විද්‍යාලය ජල ගඟින් යටවෙයි - පංති කාමරත් වතුරෙන් වැහිලා
02:25
Video thumbnail
විපක්ෂ නායක හමුවෙන්න ආ ප්‍රංශ තානාපතිවරයා - සූර්ය බලශක්ති ගැටලු ගැනත් කතාවෙයි
10:56
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12