spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

නිශාන් මධුෂ්කට ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයේ දොරටු විවරවෙයි

23 හැවිරිදි නිශාන් මධුෂ්ක නවසීලන්ත සංචාරය සඳහා වන ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට කැඳවා ඇති බව තොරතුරු වාර්තා වනවා.

නිශාන් මධුෂ්ක, ශ්‍රී ලංකා A පිළ සහ සංචාරක එංගලන්ත ලයන්ස් පිළ අතර පැවති පළමු ටෙස්ට් තරගයේ දී පිත්තෙන් දක්ෂතා දැක්වීමට සමත් වුණා.

එහිදී ඔහු ශ්‍රී ලංකා A දෙවන ඉනිමේදී අඟනා දිවිත්ව ශතකයක් රැස්කිරීමට සමත් වූ අතර පන්දු 423කදී ඔහු රැස්කළ ලකුණු සංඛ්‍යාව 241ක්.

නිශාන් දැක්වූ මෙම දක්ෂතා හේතුවෙනුයි ඔහු මෙලෙස ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට කැඳවා ඇත්තේ.

ශ්‍රී ලංකාව සහ නවසීලන්ත අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය ලබන මාර්තු මස 09 වනදා ක්‍රයිස්චර්ච් හිදී ආරම්භ වීමටයි නියමිතව ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?