නිශාන්ත වික්‍රමසිංහ යළිත් රිමාන්ඩ්

ශ්‍රී ලංකා ගුවන් සේවයේ සභාපති වශයෙන් කටයුතු කළ සමයේ සිදු කළ දූෂණ චෝදනා තුනක් සම්බන්ධයෙන් කළ විමර්ශන කටයුතුවලට අදාළව අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකන් ගුවන් සේවා සමාගමේ හිටපු සභාපති ඇන්තනි නිශාන්ත වික්‍රමසිංහ ජුලි 15 දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි ජයතුංග මහත්මිය නියෝග කර තිබෙනවා.

සිද්ධියට අදාළ සැකකරුව නිසි වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කරන ලෙස බන්ධනාගාර අධිකාරිවරයාට ද එහිදී නියෝග කෙරුණා.

සිද්ධියට අදාළ සැකකරු අද (01) උදෑසන බන්ධනාගාර නිලධාරීන් විසින් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙලෙස යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.

ඉකුත් 27 වැනිදා නාවල ප්‍රදේශයේ දී අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් සිද්ධියට අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණා.

සිද්ධියට අදාළ සැකකරුට චෝදනා තුනක් යටතේ නඩු පවරා තිබෙන බව අල්ලස් කොමිසම වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි සහකාර නීති අධ්‍යක්ෂ සුලෝචනා හෙට්ටිආරච්චි මහත්මිය අධිකරණයට කරුණු දක්වමින් සඳහන් කළේ 2014.01.22 වන දින මැලේසියාවේ ක්වාලාලම්පූර් සිට කටුනායක දක්වා පියාසර කිරීමට නියමිතව තිබූ අංක UL319 දරන ගුවන් යානයේ ගමනාන්තය වෙනස් කිරීම මඟින් රජයට ඇ.ඩො. 4512 ක් පාඩු කිරීම පළමුවන චෝදනාව වන අතර 2014.01.26 වන දින මාලදිවයිනේ සිට ලංකාවට පැමිණ ප්‍රංශය බලා පිටව යාමට සිටි මගින් 75 දෙනෙකු අංක UL563 දරන ගුවන් යානයෙන් පිටත් කර හැරීම මඟින් ඇ.ඩො. 19,160 ක් රජයට පාඩු කිරීම දෙවන චෝදනාවයි.

2014.12.19 වන දින කටුනායක 18 කණුව ක්‍රීඩාංගණයේ පැවති හිටපු ජනාධිපතිවරයාගේ මැතිවරණ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් රජයේ මුදල් 1,250,000/- වියදම් කිරීම යන චෝදනා තුන් යටතේ සැකකරු අත්අඩංගුවට ගැනුණා.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ අල්ලස් කොමිසම වෙනුවෙන් අධිකරණය පෙනී සිටි සුලෝචනා හෙට්ටිආරච්චි මහත්මිය සඳහන් කරනු ලැබුවේ,

“ස්වාමීනි සිද්ධියට අදාළව 2017/3/17 වර්ෂයේ ජනාධිපති පරීක්‍ෂණ කොමිෂන් සභාවෙන් අල්ලස් කොමිසමට යවන ලද වාර්තාවකට අනුව මෙහි විමර්ශන කටයුතු සිදු කරනු ලබනවා. සිද්ධියට අදාළ මෙම සැකකරු ශ්‍රී ලංකන් එයාර්ලයින් සමාගමේ සහ කේටරින් සමාගමේ පන්ලක්ෂ අනූහත්දාහක පාඩුවක් රජයට සිදු කරලා තිබෙනවා, ස්වාමීනි කටුනායක 18 කණුව ප්‍රදේශයේ මහින්ද රාජපක්ෂ මහතාගේ ජය තහවුරු කිරීම සඳහා කලාකරුවන් ගෙන්වලා සංගීත ප්‍රදර්ශනයක් පැවැත්වීමට අවශ්‍ය කටයුතු ශ්‍රී ලංකන් එයාලයින් සමාගමට අයත් මුදලින් පවත්වා රජයට පාඩු කර තිබෙනවා. ස්වාමීනි මෙම සැකකරු තමා සතු බලය පාවිච්චි කරලා ගුවන් ගමන්වල මාර්ගය තම අභිමතය පරිදි වෙනස් කරමින් සැකකරුට වාසි වන ලෙස ක්‍රියා කරමින් රජයට විශාල පාඩුවක් කරලා තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ අල්ලස් කොමිසම වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි සුලෝචනා මහත්මිය සඳහන් කරනු ලැබුවේ ගුවන් සේවිකාවක වන චතුරිකා මුහන්දිරම් නමැති ගුවන් සේවිකාවට අමතර දීමනා ලබා ගැනීම සඳහා වැඩි වාර ගණනක් ගුවන් ගමන් සේවාවල යොදවා තිබෙන බවයි.

“ස්වාමීනී, මෙම සැකකරු ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපතිවෙලා හිටපු නිසා ඔහුට පහළ සේවකයන් සමග සෘජු සම්බන්ධතා පවතිනවා, මෙම සැකකරු සාක්ෂිකරුවන්ට බලපෑම් කරන්න පුළුවන්, ස්වාමීනි මෙම සිද්ධියට අදාළ සාක්ෂිකරුවන් සැකකරු අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ප්‍රකාශ ලබා දුන්නත් ඊට පෙර ප්‍රකාශ ලබාදීමට මැලිකමක් දක්වලා තියෙනවා”

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ අල්ලස් කොමිසම වෙනුවෙන් අධිකරණය පෙනී සිටි සුලෝචනා මහත්මිය සඳහන් කරනු ලැබුවේ සැකකරු විමර්ශන කටයුතු සඳහා සොයා ගැනීමටමට නොහැකිව සිටි බවයි.

සැකකරු වෙනුවෙන් අධිකරණය පෙනී සිටි නීතිඥ දොළවත්ත, සජිත ජයවර්ධන සමග අසේල රැකවල මහතා කරුණු දක්වමින් පවසා සිටියේ, සිය සේවාදායකයා වයස අවුරුදු අසූවක වයෝවෘද්ධ පුද්ගලයෙක් බවයි.

” ස්වාමීනි මගේ සේවාදායකයා විමර්ශනය මගහැර සැඟව සිටියේ නැහැ, මෙම විමර්ශනය 2015 වර්ෂයේ ආරම්භ වුවක් අද වනවිට වසර දහයක් ගතවෙලා, මේ කාලය වන විටත් ඔහුට විදේශ ගමන් තහනමක් පිළිබඳව කිසිම අධිකරණයකින් වාර්තා කරලා නැහැ, මේ වන විට ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය ද කල් ඉකුත් වී තිබෙනවා, ඔහුට එය යාවත්කාලීන කරගැනීමට කිසිම අවශ්‍යතාවක් නැහැ ,මගේ සේවා දායකයාට විමර්ශන මගහැර විදේශගතවීමේ කිසිම අවශ්‍යතාවක් නෑ, ඒ වගේම ස්වාමීනි විමර්ශන නිලධාරීන් පවසන පරිදි මගේ සේවා දායකයාට ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ කිසිදු පුද්ගලයෙකුට කියන ආකාරයෙන් බලපෑමක් කිරීමට හැකියාවක් නැහැ, ස්වාමීනී මගේ සේවාදායකට බෙහෙත් ටිකක් ගන්නවත් ගෙදරින් තනියෙන් එළියට යන්න බැහැ ඔහුගේ පුතා සහ ලේලි තමයි ඔහුට අවශ්‍ය සියලු දේ කරන්නේ, එතකොට මගේ සේවා දායකයාට මතකය පවා දැන් නැහැ, ඔහු මේ සිද්ධිය සම්බන්ධව ප්‍රකාශ ලබා දී තිබෙන්නේ විමර්ශනය ආරම්භ වූ මුල් කාලයේ ලබා දුන් දිවුරුම් ප්‍රකාශ බලලා, ස්වාමීනී මගේ සේවාදායකයා වකුගඩු හෘදයාබාධ සහිත රෝගී තත්ත්වයේ පසුවනවා. ඒ නිසා සුදුසු ඇප කොන්දේසියක් මත ඇප ලබා දෙන ලෙස මම අධිකරණයෙන් ඉල්ලනවා.”‘

දෙපාර්ශ්වයම ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය සිද්ධියට අදාළ සැකකරු ලබන 15 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියම කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18