නිවෙස් වලට ගොස් කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කරන හොර දොස්තර

කොරෝනා ආසාදිත රෝගීන්ගේ නිවෙස්වලට ගොස් ප්‍රතිකාර කරන වෛද්‍යවරයෙකු ලෙස පෙනී සිටි පුද්ගලයෙකු හා සහායකයෙක් කැස්බෑව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. කහපොළ ප්‍රදේශයේ නිවසක පුද්ගලයෙකුට ප්‍රතිකාර කිරීම සඳහා පැමිණ සිටි අවස්ථාවේ දී අදාළ පුද්ගලයින් අත්අඩංගුවට ගෙන ඇත්තේ.

එම පුද්ගලයින් පැමිණි, වෛද්‍ය ලාංඡනය ප්‍රදර්ශනය කර තිබූ වෑන් රථය හා එහි තිබූ වෛද්‍ය උපකරණ මෙන්ම ඖෂධ තොගය ද පොලිස් භාරයට ගෙන තිබේ.

කහපොළ ප්‍රදේශයේ කොරෝනා ආසාදිත රෝගීන් සිටින නිවාසවලට ගොස් ප්‍රතිකාර කරන වෛද්‍යවරුන් යැයි කියාගන්නා කණ්ඩායමක් සිටින බවට කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනි වෛද්‍ය සමන්තිකා විජේසුන්දරට ලද පැමිණිලි කිහිපයක් අනුව මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකර ඇත.

එහිදී පැමිණිලිකරුවන් විසින් ලබාදුන් තොරතුරු මත අදාළ සැකකරුගේ ජංගම දුරකථන අංකය සොයාගැනීමට වෛද්‍ය සමන්තිකා විජේසුන්දරට හැකිව තිබෙනවා.

පසුව ඇය විසින් එම ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් බවට හඳුන්වාදෙමින් එම දුරකථන අංකයට කතා කර තම සහෝදරයා කොරෝනා ආසාදිත යැයි පවසා ඇත.

අනතුරුව වෛද්‍ය අදාළ සැකකරු පවසා ඇත්තේ නිවසට පැමිණ ප්‍රතිකාර කිරීමට රු 11,000 – 13,000ක පමණ මුදලක් වැය වන බවයි. පසුව එයට එකඟවු වෛද්‍යවරිය සැකකරුට නිවසට පැමිණ ප්‍රතිකාර කරන ලෙස දන්වා තිබේ.

අනතුරුව කැස්බෑව පොලිස් ස්ථානයේ, ස්ථානාධිපති පොලිස් පරීක්ෂක මාලිංග ජයරත්නට මේ පිළිබඳ පැවසීමෙන් අනතුරුව, උපාය මාර්ගිකව එම නිවසේ රැඳී සිට අදාළ සැකකරුව සහ සහයකයා අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී මෙලෙස කොවිඩ් ආසාදිත රෝගීන් කිහිපදෙනෙකු මුලාකර මුදල් ලබාගත් බවට පවසා තිබේ.

ව්‍යාජ වෛද්‍යවරයෙක් ලෙස පෙනී සිටි පුද්ගලයාට විදෙස් රටක වෛද්‍ය උපාධියක් ඇති බව පැවසුව ද එය සනාථ කිරීමට ලේඛන කිසිවක් ඔහු සතුව තිබී නැති අතර, සහයකයා ඇඟලුම් කම්හලක හිටපු සේවකයෙක් බවට අනාවරණය වී ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හොරුන්ට ආයේ බලය දෙන්න මේ රටේ මිනිස්සු සූදානම් නෑ
07:27
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා තැපැල් සේවකයෝ කරපු දේ
01:29
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි පුද්ගලයෙක් එළොව යයි
01:45
Video thumbnail
මහ මුහුද මැද රෝගී වූ ධීවරයෙක් නාවික හමුදාවෙන් මුදාගත් හැටි
00:22
Video thumbnail
අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:20
Video thumbnail
මහ මුහුද මැද රෝගී වූ ධීවරයෙක් නාවික හමුදාවෙන් මුදාගත් හැටි - මෙහෙයුමේ දර්ශන මෙන්න
00:26
Video thumbnail
වත්මන් රජයේ පුනර්ජනනීය බලශක්ති විනාශ කිරීමේ ප්‍රතිපත්තිය සජිත් IMF නියෝජිතයන්ට පෙන්වා දෙයි
04:59
Video thumbnail
සංතෝෂමට වැඩිය ආත්ම තෘප්තියක් ලබා ගන්න පුළුවන් කරපු සේවයෙන් - පැයගාන වැඩ කරලා ගියට වැඩක් නෑ
05:32
Video thumbnail
අපරාධ කරපු නිලධාරින් පොලිසියේ තියා ගන්නේ නෑ..තනතුර අදාළ නෑ - පොලිස්පති සැරවෙයි
05:51
Video thumbnail
2027 අයවැයෙන් ජනතාවගේ බදු බර ඉවත් කළ යුතුයි
07:28