නිවුන් දැරියන්ට උපත දුන් ගර්භාෂ දෙකක් පිහිටි කාන්තාව

ගර්භාෂ දෙකක් පිහිටි කාන්තාවක් දින දෙකක් තුළ නිවුන් දැරියන් බිහි කිරීමේ දුර්ලභ පුවතක් ඇමෙරිකාවේ ඇලබාමා ප්‍රාන්තයෙන් වාර්තා වනවා.

32 හැවිරිදි වියේ පසුවන කෙල්සි හැචර් නැමැති කාන්තාවක් විසින් මෙම නිවුන් දැරියන් දෙදෙනාට උපත ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.

සිසේරියන් සැත්කමක් මඟින් මෙම නිවුන් දැරියන් දෙදෙනා පැය 20ක කාලයක් තුළ කුසයෙන් එළියට ගැනීමට වෛද්‍ය කණ්ඩායමට හැකිව තිබෙනවා.

මෙම කාන්තාව බෙදුණු ප්‍රජනක පද්ධතියකට තුඩු දෙන ගර්භාෂ ඩිඩෙල්ෆිස් නම් තත්ත්වයට පත් වූ තැනැත්තියක් බවයි වෛද්‍යවරුන් පවසන්නේ.

මෙලෙස ද්විත්ව ගර්භාෂයක් පිහිටීමේ කාන්තාවක් හමුවීමේ සම්භාවිතාව මිලියනයකට එකක් බව වෛද්‍යවරු වැඩිදුරටත් සඳහන් කරන්නේ.

මෙම කාන්තාව මීට පෙර දරුවන් තිදෙනෙකු බිහිකර ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඥානසාර හිමි ගැන දුමින්ද කට අරියි - සිවුරට ගි#නි තියන්න සූදානම් වෙන්න එපා
03:47
Video thumbnail
වන අලියා ළඟ බයික් එකේ වාඩිවෙලා විදේශිකයා ගත්ත Fun එක - කිසි බයක් නැතුව ඉන්න හැටි
00:42
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.08
00:00
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා
01:10
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි
01:23
Video thumbnail
ආණ්ඩුව සුපිරිම සුපිරි වැඩක් කරන්නේ
01:08
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි..නාමල් ඇතුළට දැම්මේ පළිගැනීමට
02:49
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා - බැඳුම්කර මංකොල්ලයට වඩා වැඩියි
02:21
Video thumbnail
ඥානසාර හිමියන් ඇතුළට යන්න හේතුව එකින් එක හෙළිකළ සන්ධ්‍යා එක්නැළිගොඩ
26:23
Video thumbnail
ශිරන්ති අතත් වනාගෙන බන්ධනාගාර බසයට නගියි
01:29