නිවැරදි ආර්ථික ප්‍රතිපත්තියක් ඇත්නම් වසර 10ක් ඇතුළත රට දියුණු කළ හැකියි – UGC සභාපති

නිවැරදි ආර්ථික ප්‍රතිපත්තියක් ඇත්නම් වසර 10ක් ඇතුළත මෙරට දියුණු කළ හැකි බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පවසනවා.

ඔහු මේ බව පැවසුවේ රජය විසින් ප්‍රකාශයට පත් කළ මූල්‍ය බංකොලොත්භාවයට හේතු පරීක්ෂා කර පාර්ලිමේන්තුවට වාර්තා කිරීමටත්, ඒ පිළිබඳව සිය යෝජනා හා නිර්දේශ ඉදිරිපත්කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (02) පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී යි.

මෙම කාරක සභාව සඳහා අදහස් ලබාගැනීමට විශ්ව විද්‍යාල නියෝජනය කරන ආර්ථික ක්ෂේත්‍රයේ ප්‍රවීණයින් කැඳවා තිබූ අතර ශ්‍රී ලංකාවේ සියලුම විශ්ව විද්‍යාල නියෝජනය කරන මහාචාර්යවරුන් සහ ආචාර්යවරුන් මේ සම්බන්ධයෙන් තම අදහස් කමිටුව වෙත ඉදිරිපත් කිරීම සිදු කෙරුණා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සඳහන් කළේ මෙරට නිෂ්පාදන ආර්ථිකය වැඩිකරගැනීම අවශ්‍ය වන බවත් ඒ වෙනුවෙන් ප්‍රතිපත්ති සකස් කිරීම වැදගත් වන බවයි.

උදාහරණ ලෙස වියට්නාමයේ නිෂ්පාදන ආර්ථිකයට ප්‍රමුඛතාවක් ලබා දී තිබෙන බවත් මෙරට සේවා ආර්ථිකයක් පවතින බවත් ඔහු සඳහන් කළා.

එසේම මෙරට දේශපාලන ස්ථාවරභාවයක් පැවතීම විදේශීය ආයෝජකයින් මෙරටට පැමිණීමේදී වැදගත් වන බවයි ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයා පෙන්වා දුන්නේ.

තවද 1960 දශකය ලෝක ආර්ථිකයේ සක්‍රීයම කාලසීමාව ලෙස පැවති බවත් පරිගණකය හඳුන්වාදීම මගින් ලෝක වෙළඳාම පුලුල් වූ බවත් හෙතෙම පැහැදිලි කරනු ලැබුවා.

එසේම කොවිඩ් කාලසීමාව තුළදී මෙරට අපනයන සම්පූර්ණයෙන්ම පාහේ නැවතුන බවද පෙන්වාදුන් ඒ මහතා මෙරට දුප්පත් ජනතාවට ආහාර ලබාදීම වෙනුවෙන් මුදල් සහන ලබාදීමට සහ රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ගෙවීමට මෙම කාලසීමාව තුළ මුදල් මුද්‍රණය කිරීමට සිදුවූ බවයි පෙන්වා දුන්නේ.

කෙසේ වෙතත් මේ වන විට 70% පමණ පැවති උද්දමනය මහ බැංකුවේ මැදිහත්වීමෙන් 10% ක පමණ තත්ත්වයට පාලනය කිරීමට සමත් වී ඇති බව ද මහාචාර්යවරයා සඳහන් කළා. එසේම අද වන විට සේවා වියුක්තියේ පුරෝකථනයක් පවතින බවත් නිවැරදි ගණනය කිරීමක් නොපවතින බවත් ඒ මහතා ප්‍රකාශ කළා.

මෙහිදී අදහස් දක්වමින් කැලණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය අජිත් දිසානායක මහතා පෙන්වා දුන්නේ නිෂ්පාදකයන් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් විධිමත් වැඩ පිළිවෙළක් මෙරට නොපවතින බවයි. එසේම ආර්ථිකය සම්බන්ධයෙන් ස්ථිර ජාතික ප්‍රතිපත්තියක අවශ්‍යතාවය ද ඔහු පෙන්වා දුන්නා.

වයඹ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය අමින්ද පෙරේරා මහතා මෙහිදී කියාසිටියේ මෙරට ආර්ථික ප්‍රතිපත්තිය සහ දේශපාලන ප්‍රතිපත්තිය පටලවාගෙන ඇති බවයි. මේ නිසා ස්වාධීන ආර්ථික ප්‍රතිපත්තියක් මෙරටට අවශ්‍ය බව මහචාර්යවරයා පෙන්වා දෙනු ලැබුවා. මේ සඳහා හොඳම උදාහරණය ඉන්දියාව බවත් එරට ආර්ථික ප්‍රතිපත්තිය දේශපාලන ප්‍රතිපත්තිය සමග බද්දවී නැති බවත් ඒ මහතා සඳහන් කර තිබෙනවා.

එසේම පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ප්‍රසන්න පෙරේරා මහතාද මෙහිදී අදහස් දක්වමින් කරුණු 5ක් පිළිබඳ පැහැදිලි කළ අතර එම අදහස් ලිඛිතව මෙම කමිටුව වෙත ලබාදීමටද කටයුතු කරන බව ප්‍රකාශ කළා.

කොළඹ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය නිහාල් හෙන්නායක මහතා පෙන්වා දුන්නේ තොරතුරු පසු විපරම් කිරීම සඳහා මෙරට ඒකකයක් නොමැති බවයි. මේ නිසා ආර්ථික බුද්ධි තොරතුරු ඒකකයක් මෙරටට වැදගත් වන බව ද ඒ මහතා පෙන්වා දෙනු ලැබුවා.

එසේම මහාචාර්ය බන්ධුල ජයතිලක මහතා සඳහන් කළේ විදේශ විශ්ව විද්‍යාලවල සහාය ද මෙම අංශ කෙරෙහි ලබාගත යුතු බවයි. ණය තිරසාර කිරීම සහ මෙරටට ආයෝජන ලබාගැනීම පිළිබඳව තවද මහාචාර්ය සිරිමල් අබේරත්න මහතා පැහැදිලි කරනු ලැබුවා. විශේෂයෙන්ම මෙරටට ආයෝජකයන් පැමිණීමේදී ඒ වෙනුවෙන් අවශ්‍ය සහයෝගයන් සපයාදීමේ අවශ්‍යතාවයද ඔහු පෙන්වා දෙනු ලැබුවා.

  1. EYI WAGEMA THAMAYINIWERADHI SURA HOKAME MANKOLLA PRATHIPATHTHIYAK THIYENAWANAM MASA 3N RATA BANKOLOTH KALA HAKIYA. MUSALAYO KALEYI ANNA EKA THAMAYI. OBA THUMA UGATH BUDHDHIMATH UNATH UPANGEYI PATTA HORUNTA OWA WEDAK NAHE. WENA RATAKATA YANNA, INNA EPA. WEDAK NAHE. HORUNTA HAMBA KARALA DEELA.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56