නිවසේදී කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කරන හැටි වෛද්‍යවරුන් කියයි

කොවිඩ්-19 රෝගීන් යළිත් වරක් වැඩි වෙමින් පවතින තත්ත්වයක් තුළ පී.සී.ආර්. පරීක්ෂණයකින් ඔබට යම් හෙයකින් වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වුවහොත් රෝහලකට යොමු කරන තෙක් නිවෙසේ සිට පිළිපැදිය යුතු කාරණා සම්බන්ධයෙන් අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා උපදෙස් කිහිපයක් ලබා දුන්නේ ය.

ඒ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මෙම කරුණු පැහැදිලි කළේය.

ඒ අනුව, කොවිඩ් ආසාදිත බව තහවුරු වුවහොත් රෝහලකට යොමුකරන තෙක් නිවසේ සෙසු අයගෙන් හුදෙකලාව සිටීම, හොඳින් මුව ආවරණය පැළඳ සිටීම, අත් නිතර සෝදා පිරිසුදු කර ගැනීම, හැකි නම් වෙන ම වැසිකිළියක් භාවිත කිරීම, එසේ නොමැති අවස්ථාවක එය භාවිත කිරීමෙන් පසු හොඳින් පිරිසුදු කිරීම, ඇඳ විවේකයෙන් සිටීම, හැකි තරම් දියරමය ආහාර ද්‍රව්‍ය ලබා ගැනීම කළ යුතු බව ආනන්ද විජේවික්‍රම මහතා පැවැසීය.

ආහාර ගැනීමට හැකියාවක් ඇත්නම් ආහාර ගන්නා ලෙසත් උපදෙස් දුන්නේ ය.

ඇතැම් අයට නියුමෝනියා තත්ත්වය ඇතිවන අතර එය හඳුනා ගැනීම සම්බන්ධයෙන්ද වෛද්‍යවරයා උපදෙස් ලබා දෙමින් මෙසේ පැවසීය.

ඒෂියන් මිරර් අපි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නිරෝෂණ ප්‍රේමරත්න මහතාගෙන් ද මේ පිළිබඳව විමසීමක් සිදු කරනු ලැබිය.

එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්වීය.

“අපි ඉන්නේ බරපතල තැනක. මුලදී දැක්ක ගමන් අරන් ගිහිල්ලා කොරන්ටයින් කළා. නමුත් ඒකේ සීමාවක් තියෙනවා කියන එක අපිට තේරුණා. දැන් කොයි වෙලාවේ හරි එනවා තමන් ඉන්න ගෙවල් වල මේක කරන්න. දැන් සමහර වෙලාවට හැදුනා කියලා දැනගත්තත් සමහර විට එක පාරට අරගෙන යන්න බැහැ. එතකොට ඒ ගෙදර ඉඳන් තමයි පරිස්සම් වෙන්න ඕනේ. ඒක හින්දා අපි කැමති වුණත් අකමැති වුණත් රෝගීන් වැඩි වෙනවා නම් අපිට ගෙදර තියලා මේක කරන්න වෙනවා. වෙන විකල්පයක් නැහැනේ. පිළියන්දල රෝගීන් 95ක පරීක්ෂණ කලාම 72ක් පොසිටිව් වුණා. පිළියන්දල කියන්නේ ජනාකීර්ණ ප්‍රදේශයක්. මේ රෝගේදී කරන්න තියෙන්නේ.මේක බය හිතෙන තත්වයක්.” 



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56