නිවසට කැඳවා ගත් ගණිකාවගේ සිරුරු කොටස් බෙරයක් තුළ සැඟවූ ඝාතකයා පොලිස් දැලේ

බෙරයක් තුළ තිබී කාන්තාවකගේ සිරුරු කොටස් සොයා ගැනීමේ සිද්ධියකට සම්බන්ධ ඝාතකයා අත්අඩංගුවට ගත් බව ඉන්දීය පොලිසිය පවසනවා.

ඉන්දියාවේ – ආන්ද්‍ර ප්‍රදේශ් ප්‍රාන්තයේ විශාකාපට්නම් ප්‍රදේශයේ නිවසකින් ඊයේ (06) නාඳුනන කාන්තාවකගේ දිරාපත් වූ සිරුරු කොටස් සොයා ගැනීමට හැකිව තිබෙනවා.

අදාළ සිරුරු කොටස් තදින් මුද්‍රා තැබූ බෙරයක් තුළ සඟවා තිබිය දී මෙලෙස සොයා ගැනීමට හැකි වූ බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණේ.

මෙලෙස සොයාගෙන ඇත්තේ 23 හැවිරිදි තරුණ ගණිකාවකගේ සිරුරු කොටස් බවටයි වාර්තා වන්නේ.

2021 මැයි මාසයේ දිනක අදාළ තරුණිය ඝාතනය කර ඇති අතර, ඝාතනය කිරීමෙන් පසු ඝාතකයා විසින් ඇයගේ සිරුර කැබලිවලට වෙන්කර පොලිතින් උරවල දමා බෙරයක් තුළට බහා බෙරය තුළට වාතය නොයන ලෙස මුද්‍රාකර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

කොප්පිෂෙට්ටි රිෂිවර්ධන නොහොත් ‘ රිෂී” නමැති පුද්ගලයා විසින් මෙම අපරාධය සිදුකර ඇති අතර, තරුණිය පැළඳ සිටි සාටකයෙන් (ස්කාෆ් එකෙන්) ගෙළ සිරකර ඝාතනය සිදුකළ බවට සැකකරු පපොච්ච්රණය කර තිබෙනවා.

විශාකාපට්නම් ප්‍රදේශයේ කුලී නිවසක සිය බිරිඳ සමඟ පදිංචිව සිට ඇති සැකකරු, බිරිඳ ගැබ් ගැනීමෙන් පසු ඇයව ඇයගේ මවගේ නිවස වෙත පිටත්කර යවා ඇති බව සඳහන්.

බිරිඳ ඇයගේ මවගේ නිවස වෙත ගිය පසු සැකකරු විසින් ධන ලක්ෂ්මි නැමති අදාළ ගණිකාව ඔහු පදිංචිව සිටි කුලී නිවස වෙත 2021 වසරේ මැයි මාසයේ දිනක කැඳවාගෙන තිබෙනවා.

පසුව මුදල් ගෙවීම සම්බන්ධයෙන් ඇය සමඟ ඇතිකර ගත් ආරවුලක් හේතුවෙන් සැකකරු විසින් කෝපයට පත්ව ඇයව මෙලෙස ඝාතනය කර බෙරය තුළ සඟවා ඇති බවයි හෙළිව ඇත්තේ.

යකඩ පෑස්සුම් සාප්පුවක සේවකයෙකු ලෙස සේවය කර ඇති මෙම සැකකරු 2021 වසරේ මැයි මාසයේදී එම රැකියාවෙන් පලාගොස් ඇති බව සඳහන්.

රිෂි නැමැති සැකකාර පුද්ගලයා යකඩ පෑස්සුම් සාප්පුවේ සේවය කළ රමේෂ් නැමති පුද්ගලයෙකුගේ නිවසේ කුලී පදනම මත රැඳී සිට ඇති අතර, රමේෂ් විසින් නිවාස කුලිය ඉල්ලා රිෂීට ඇමතුම් කිහිපයක් ලබා දුන් අතර, ඔහු නැවත පැමිණ එය ගෙවන බව ඔහුට පවසා තිබෙනවා.

මාස ගණනාවක් යනතෙක් රිෂී නැමැත්තා කුලී නිවසට නොපමිනිමත්, කුලී මුදල් නොගෙවීමත් මත වෙනත් පාර්ශ්වයකට නිවස ලබාදීමට රමේෂ් නැමැත්තා තීරණය කර තිබෙනවා.

ඒ, අනුව පසුගිය ඉරිදා කුලී නිවසට ගොස් ඇති රමේෂ් එහි අඟුල කඩා ඇතුළු වී රිෂිගේ බඩු බාහිරාදිය ඇතුළු ගෘහ භාණ්ඩ ඉවත් කිරීමටයි කටයුතු කර ඇත්තේ.

එම අවස්ථාවේ දී නිවසේ මුල්ලක තබා තිබූ මුද්‍රා තැබූ බෙරයක් දැක එය පිටතට ගෙන පරික්ෂා කිරීමේ දී ඒ තුළ මිනිස් සිරුරු කොටස් ඇති බවටයි සොයාගෙන ඇත්තේ.

පසුව රමේෂ් විසින් මේ සම්බන්ධයෙන් පොලිසිය දැනුවත් කර ඇති අතර, සිද්ධියට සම්බන්ධ සැකකාර රිෂී නැමැත්තා ඊයේ පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මි#යගිය C.D. වික්‍රමරත්න ගැන මනෝජ්ගෙන් සැර කතාවක් - එතුමා ගොවියෙක්ගේ පුතෙක්..අපි දන්නවා එයා ගැන
06:36
Video thumbnail
හිටපු පොලිස්පතිගේ නිවසට වර්තමාන පොලිස්පති පැමිණෙයි
01:08
Video thumbnail
සුරතල් සතුන් ළඟට ගිහින් සුරතල් කරපු අගමැති හරිනි
01:39
Video thumbnail
සොඳුරු මිතුදමින් එළියට ආ හිත පාරවන කඳුළු කතාව
00:36
Video thumbnail
සොඳුරු මිතුදමින් එළියට ආ හිත පාරවන කඳුළු කතාව - අපි කරක් ග#හපු පාරේ අද තනියම ඩෙන්සිලා
00:58
Video thumbnail
ෆේස්බුක් ලයිව් ඇවිත් එළොව ගිය තරුණයාගේ අවසන් කටයුතු - "අනේ මගේ රත්තරං පුතා ඇයි මාව දාලා ගියේ ?"
03:08
Video thumbnail
මෙහෙම යද්දි අපිටත් ඉල්ලා අස් වෙන්න වෙයි - බඳිනකොට ඩිවෝස් වෙන්නත් පුළුවන්නේ
02:50
Video thumbnail
විපක්ෂය බලනකොටම පේන්නේ ජෝකර්නේ - කිසි කෙනෙක් සජිත් ළඟ ඉන්න කැමති නෑ
04:25
Video thumbnail
මොන අගමැතිකම් දැරුවත් ගෙදර ගියාම එයාලගේ සේවකයෙක් - අපි පූසන්ගේ අයිතිකාරයෝ නෙවෙයි
05:48
Video thumbnail
"හිටපු පොලිස්පති CD ට අත්වුණු ඉරණම ගැන අසල්වැසියෙක් සංවේදීව හෙලි කරයි"
00:31