නිල සංචාරය අවසන් කරමින් ඉන්දීය උප ජනපති දිවයිනෙන් පිටව යයි

දෙදින නිල සංචාරය අවසන් කරමින් ඉන්දීය උප ජනාධිපති සී.පී. රාධක්‍රිෂ්ණන් අද (20) පස්වරුවේ දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙනවා.

දෙරට අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් ඉන්දීය උප ජනාධිපතිවරයා ඊයේ (19) පෙරවරුවේ නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණියා.