බස්නාහිර පළාත උතුර භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස මහින්ද දිසානායක අද වැඩ භාරගත්තා.
අවුරුදු 34 ක පොලිස් සේවය තුල දිවයින පුරා සේවය කරමින් අත්දැක්කීම් බහුල කීර්තිමත් නිලධාරියෙක් ලෙස ඔහු හැදින්විය හැකියි.
විශේෂ කාර්ය බලකායේ වසර 10 ක් සේවය කර ඇති ඔහු නුවරඑළිය, කුරුණෑගල, කන්තලේ, කුලියාපිටිය යන කොට්ඨාසවල සේවය කර තිබුණා.
තවද නියෝජ්‍ය පොලිස්පති මහින්ද දිසානායක ක්‍රීඩාවටද උපන් හපන් දැක්වූ අයෙක් ලෙස හැදින්විය හැකියි.













