spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

නිල ඇඳුමට එහා ගිය මනුෂ්‍යත්වය

අන්න පොලිස් කාරයෙක්, පගා මරුවෙක්,කොස්සෙක්,යනුවෙන් නොයෙක් පහත් ආමන්ත්‍රාරණ මගින් පොලිස් නිලධාරින්ව සමජය තුල හදුන්වද්දී,ඔවුන් කරන සේවය සමාජය තුල ඇගයීමක් නොවන තරම්ය.කාකී ඇදුම කොයිතරම් සමාජය තුල පහත් කලද ඔවුන් තුල ඇති මනුස්ස කම සමාජය තුල නොදකින තරම්ය. මෙලෙස කාකී ඇදුම යටින් මතු වුණ අපුරු මනුෂ්‍ය කමක් අපට දැකගැනිමට හැකි සිදුවිමක් වාර්තා විය.

ඒ අද දින උදෑසන කඩුවෙල මුනිදාස කුමාරතුංග විදුහල අසල බස් නැවතුමේ දී දරුවෙකු බසයෙන් බැසීමට ගොස් අනතුරකට පත් වුණා. ඒ අවස්ථාවේදී ඒ අසල රාජකාරියේ යෙදී සිටි නවගමුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුමිත් ලක්ෂ්මන් සිල්වා මහතා එම දරුවා තම නිල රථයෙන්ම නවගමුව රෝහල වෙත ගෙන ගොස් ප්‍රතිකාර ලබා දිමට කටයුතු කලේ පියෙක් නිලධාරියෙක් වගේම කාකී ඇදුම යටින් මතුවුණ මනුෂ්‍යකම ඉස්මතු කරමින්. එපමණක් නොව ඔහු ඒ මොහොතේ නිරාහාරව සිටි දරුවාට තම වියදමින් ආහාර පාන ලබා දී නිල ඇඳුමට එහා ගිය මනුෂ්‍යත්වය පෙන් වීමය.

මේ උතුම් ක්‍රියාව අගයමින් එම දරුවාගේ පාසලේ හා පාසල් ප්‍රජාවගේ ගෞරවය පිරිනමමින් සටහනක් තැබිමට
විදුහල්පති ඉන්දික රාජපක්ෂ මහතා අමතක කලේ නැහැ.

රාජකාරිය පමණක් නොව මනුෂ්‍යකමත් පෙන්නුම්කරන මෙවැනි නිලධාරින් රටට අවැසි කාලයකි මේ…

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
32
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?