නිල් චිත්‍රපට නිළියකට ඩොලර් ගෙවූ වරදට ට්‍රම්ප්ට දඬුවම් – හැබැයි 2029 තෙක් දඬුවම අක්‍රීයයි

අමෙරිකා එක්සත් ජනපදයේ නව ජනාධිපතිවරයා වශයෙන් දිවුරුම් දීමට නියමිත ව සිටින ඩොනල්ඩ් ට්‍රම්ප්ට දඬුවම් නියම වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ නිල් චිත්‍රපට සඳහා පෙනී සිටින නිළියක් වන ස්ටෝමි ඩැනියෙල්ස් වෙත පවුම් 105,000ක් නැතහොත් ඩොලර් 130,000ක ගෙවීමක් සම්බන්ධ ව්‍යාපාරික වාර්තා ව්‍යාජ ලෙස සකස් කිරීමේ චෝදනාවට ට්‍රම්ප් මැයි මාසයේ දී වරදකරු වූ බවයි.

නමුත් ට්‍රම්ප් ව සිරගත නොකරන බවට ද නිව් ‍යෝර්ක් අධිකරණ විනිසුරුවරයා නියෝග කර තිබෙනවා.

මෙම නඩුව හෂ් – මුනි නඩුව ලෙස සැලකෙන අතර චෝදනාවට වැරදිකරු වුව ද; පරිවාස කාලයක් හෝ දඩයක් නියම නොකර ම කොන්දේසි විරහිත නිදහස් කිරීමක් ලබාදෙන බවත් විනිසුරුවරයා දැනුම්දී තිබෙනවා.

එමෙන්ම මෙම නඩු කටයුත්ත සඳහා පෞද්ගලික් ව හෝ ට්‍රම්ප් හට පෙනී සිටිය හැකි බවටයි තීන්දුවේ ලියා

ට්‍රම්ප් සිය ජනාධිපතිවරණ ජයග්‍රහණය යොදා ගනිමින් මෙම නඩුව නිෂ්ප්‍රභ කිරීමට උත්සාහ කර තිබුණා.

2016 මැතිවරණ ව්‍යාපාරයේ අවසන් දිනවල දී ට්‍රම්ප් සමග සිදු වූ බව කියන ලිංගික හමුවීමක් සඳහා නිහඬ ව සිටීමට මෙම නිල් චිත්‍රපට නිළියට ඩොනල්ට් ට්‍රම්ප් විසින් ව්‍යාජ ලේඛන සකස් කර මුදල් ගෙවා ඇති බවටයි චෝදනා එල්ල වූයේ.

තේරී පත් වූ ජනාධිපතිවරයා සියලු වැරදි ප්‍රතික්ෂේප කර ඇති අතර වරද පිළිගත්තේ ද නැහැ.

ට්‍රම්ප් පැවසුවේ මෙම නඩුව තම ජනාධිපතිවරණ ව්‍යාපාරයට හානි කිරීමට ගත් උත්සාහයක් ලෙසයි.

අධිකරණය සිය තීරණය ප්‍රකාශයට පත් කරමින් පවසා ඇත්තේ ජනාධිපති ධුරයේ වැදගත් රාජකාරි ඉටු කිරීමට විත්තිකරුට ඉඩ ලබාදිය යුතු බවයි.

78 හැවිරිදි ට්‍රම්ප් 2029 දී ධවල මන්දිරයෙන් පිටව යන තෙක් දඬුවම් ප්‍රමාද කිරීම හෝ සිරගෙදර කාලයක් ඇතුළත් නොවන දඬුවමක් සහතික කිරීම අධිකරණයේ විශ්වාසය වූ බවත් සඳහන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෙරායා දමිළ මහා විද්‍යාලය ජල ගඟින් යටවෙයි - පංති කාමරත් වතුරෙන් වැහිලා
02:25
Video thumbnail
විපක්ෂ නායක හමුවෙන්න ආ ප්‍රංශ තානාපතිවරයා - සූර්ය බලශක්ති ගැටලු ගැනත් කතාවෙයි
10:56
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46