spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

නිර්වින්දන ඖෂධ දෙකක් භාවිතයෙන් ඉවතට

තවත් නිර්වින්දන ඖෂධ කාණ්ඩ දෙකක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් භාවිතයෙන් ඉවත් කර තිබෙනවා.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසුවේ ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් ඉදිරිපත් කරන ලද වාර්තාවකට අනුව මෙම තීරණය ගත් බවයි.

ඉවත් කර ගත් ඖෂධ සඳහා ආදේශක දැනටමත් ලැබී ඇති බවත් එම තොග කඩිනමින් රෝහල් වෙත යොමු කරන බවත් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කළා.

කිසිදු පාර්ශවයකට ප්‍රමිතියෙන් තොර ඖෂධ මෙරටට ආනයනය කළ නොහැකි අතර සියලුම ආනයනයන් ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින් නිකුත් කරන ලද ප්‍රමිතීන්ට අනුකූල විය යුතු බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අවධාරණය කළේ.

කෙසේ වෙතත් ඇතැම් ඖෂධ භාවිත කිරීමේදී සංකූලතා වාර්තා වන බවත් එවැනි අවස්ථාවලදී සාමාන්‍ය ක්‍රමවේදය අනුගමනය කර බලධාරීන් එම ඖෂධ ඉවත් කර ගන්නා බව වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පෙන්වා දෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?