spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

නියමිත කාලය තුළ උපාධිය ලබා නොගන්නා ශිෂ්‍ය ශිෂ්‍යාවන් විශ්වවිද්‍යාලවලින් ඉවත් කිරීමට පනතක්

විශ්වවිද්‍යාලවලට ඇතුළු වී නියමිත කාලය තුළ උපාධිය ලබා නොගන්නා ශිෂ්‍ය ශිෂ්‍යාවන් විශ්වවිද්‍යාලවලින් ඉවත් කිරීමට අදාළ පනතක් පාර්ලිමේන්තුවට ගෙන ඒමට අධ්‍යාපන අමාත්‍යංශය පියවර ගෙන තිබේ.

සමහර සිසු සිසුවියන් විභාගවලට මුහුණ දීමට වඩා දේශපාලන කටයුතු කරමින් විභාගවලට පෙනී නොසිට අදාළ උපාධි කාල සීමා ද ඉක්මවා වසර 9ක් 10ක් වන කාලයක් විශ්වවිද්‍යාල නේවාසිකාගාර තුළ රැඳී සිටින බවට තොරතුරු අනාවරණය වීම හේතුවෙන් මෙම තීරණය ගන්නා බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය සුරේන් රාඝවන් පැවසීය.

මොවුන් මේ ආකාරයෙන් දීර්ඝ කාලයක් විශ්වවිද්‍යාල නේවාසිකාගාරවල රැඳී සිටීම නිසා නවක සිසුන්ට නේවාසිකාගාර පහසුකම් ලබා ගැනීමට ඇති අවස්ථාව අහිමි වීම වනවා සේ ම නවක වධ සිද්ධීන් ඇතිවන බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියා.

නියමිත කාලය තුළ විභාගවලට පෙනී සිට විශ්වවිද්‍යාලවලින් පිටව යා යුතු බවට නීතියක් දැනට පවතින විශ්වවිද්‍යාල කොමිෂන් සභා පනතේ සඳහන් නොවන නිසා ඔවුන් ඉවත් කිරීමේ ගැටලුසහගත තත්ත්වයක් පවතින බවද ඔහු පැවසීය. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
98
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?