නියමිත කාලය තුළ උපාධිය ලබා නොගන්නා ශිෂ්‍ය ශිෂ්‍යාවන් විශ්වවිද්‍යාලවලින් ඉවත් කිරීමට පනතක්

විශ්වවිද්‍යාලවලට ඇතුළු වී නියමිත කාලය තුළ උපාධිය ලබා නොගන්නා ශිෂ්‍ය ශිෂ්‍යාවන් විශ්වවිද්‍යාලවලින් ඉවත් කිරීමට අදාළ පනතක් පාර්ලිමේන්තුවට ගෙන ඒමට අධ්‍යාපන අමාත්‍යංශය පියවර ගෙන තිබේ.

සමහර සිසු සිසුවියන් විභාගවලට මුහුණ දීමට වඩා දේශපාලන කටයුතු කරමින් විභාගවලට පෙනී නොසිට අදාළ උපාධි කාල සීමා ද ඉක්මවා වසර 9ක් 10ක් වන කාලයක් විශ්වවිද්‍යාල නේවාසිකාගාර තුළ රැඳී සිටින බවට තොරතුරු අනාවරණය වීම හේතුවෙන් මෙම තීරණය ගන්නා බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය සුරේන් රාඝවන් පැවසීය.

මොවුන් මේ ආකාරයෙන් දීර්ඝ කාලයක් විශ්වවිද්‍යාල නේවාසිකාගාරවල රැඳී සිටීම නිසා නවක සිසුන්ට නේවාසිකාගාර පහසුකම් ලබා ගැනීමට ඇති අවස්ථාව අහිමි වීම වනවා සේ ම නවක වධ සිද්ධීන් ඇතිවන බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියා.

නියමිත කාලය තුළ විභාගවලට පෙනී සිට විශ්වවිද්‍යාලවලින් පිටව යා යුතු බවට නීතියක් දැනට පවතින විශ්වවිද්‍යාල කොමිෂන් සභා පනතේ සඳහන් නොවන නිසා ඔවුන් ඉවත් කිරීමේ ගැටලුසහගත තත්ත්වයක් පවතින බවද ඔහු පැවසීය. 



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වැල්ලවායේ වෙළඳසැලක හටගත් විශාල ගින්න
01:57
Video thumbnail
රු 500ට හරි තෙල් දෙනවා නම් හොඳයි - පෝලිමේ ඉන්න බෑ
02:39
Video thumbnail
වැඩිවුණු තෙල් මිල ගැන මිනිස්සු කියන කතා
03:05
Video thumbnail
ආණ්ඩුවේ ලස්සන විහිළුවක් සජිත් හෙළිකරයි - අතේ මාට්ටු..සංඛ්‍යා ලේඛන ජිල්මාර්ට්
06:38
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල්
00:22
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක්
00:57
Video thumbnail
අපනයේදී මාට්ටුවන භාණ්ඩ ගැන රේගුවෙන් හෙළිකරයි - අපේ ලිහිල් ප්‍රතිපත්තියෙන් වාසි ගන්නවා
05:13
Video thumbnail
රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මේ වසරේ ? තව අවශ්‍ය වෙන්නේ බිලියන 100කට අඩු ගාණක්
07:56
Video thumbnail
රටවල් නීතියෙන් අණ පනත්වලින් පමණක් පාලනය වෙන්නේ නෑ - ස්වයං විනයක් තිබිය යුතුයි
03:32
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29