නින්ජා වෙස්ගෙන නිවසට ආ කොල්ලකරුව, සැමියා බිරිඳ එක්ව මට්ටු කරලා

මන්නා පිහියක් ද අතැතිව නිවසක් කොල්ලකෑමට පැමිණි කොල්ලකරුවෙකු අඹුසැමි යුවළක් එක්ව පහර දී අල්ලාගත් පුවතක් හෝමාගම, පිටිපන ප්‍රදේශයෙන් වාර්තා වනවා.

නින්ජා වෙස්ගෙන නිවසකට අලුයම් කාලයේ ඇතුළු වී ඇති කොල්ලකරුව එම නිවසේ හිමිකරු විසින් දැක තිබෙනවා.

එහිදී කොල්ලකරු විසින් මන්නයකින් නිවැසියන්ට පහරදී පළා යාමටයි උත්සාහ කර ඇත්තේ.

එම අවස්ථවේ නිවෙස් හිමියා සහ ඔහුගේ බිරිඳ එක්ව කොල්ලකරු සමඟ පොරබදා ඔහුව අල්ලා ගැනීමට සමත්ව තිබෙනවා.

එලෙස පොරබදින අවස්ථාවේ දී කොල්ලකරු අත තිබූ මන්නය උදුරාගත් නිවෙස් හිමියා කොල්ලකරුට ඉන් පහර දී ඇති බවයි වාර්තා වන්නේ.

පහර කෑමෙන් තුවාල ලැබූ කොල්ලකරු මේ වන විට හෝමාගම මූලික රෝහලේ පොලිස් ආරක්ෂාව යටතේ ප්‍රතිකාර ලබන බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මෙලෙස කොල්ලකෑම සඳහා නිවසට ඇතුළු වී ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි 48 හැවිරිදි පුද්ගලයෙක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14