spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

නින්ජා වෙස්ගෙන නිවසට ආ කොල්ලකරුව, සැමියා බිරිඳ එක්ව මට්ටු කරලා

මන්නා පිහියක් ද අතැතිව නිවසක් කොල්ලකෑමට පැමිණි කොල්ලකරුවෙකු අඹුසැමි යුවළක් එක්ව පහර දී අල්ලාගත් පුවතක් හෝමාගම, පිටිපන ප්‍රදේශයෙන් වාර්තා වනවා.

නින්ජා වෙස්ගෙන නිවසකට අලුයම් කාලයේ ඇතුළු වී ඇති කොල්ලකරුව එම නිවසේ හිමිකරු විසින් දැක තිබෙනවා.

එහිදී කොල්ලකරු විසින් මන්නයකින් නිවැසියන්ට පහරදී පළා යාමටයි උත්සාහ කර ඇත්තේ.

එම අවස්ථවේ නිවෙස් හිමියා සහ ඔහුගේ බිරිඳ එක්ව කොල්ලකරු සමඟ පොරබදා ඔහුව අල්ලා ගැනීමට සමත්ව තිබෙනවා.

එලෙස පොරබදින අවස්ථාවේ දී කොල්ලකරු අත තිබූ මන්නය උදුරාගත් නිවෙස් හිමියා කොල්ලකරුට ඉන් පහර දී ඇති බවයි වාර්තා වන්නේ.

පහර කෑමෙන් තුවාල ලැබූ කොල්ලකරු මේ වන විට හෝමාගම මූලික රෝහලේ පොලිස් ආරක්ෂාව යටතේ ප්‍රතිකාර ලබන බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මෙලෙස කොල්ලකෑම සඳහා නිවසට ඇතුළු වී ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි 48 හැවිරිදි පුද්ගලයෙක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
1
+1
20
+1
2
+1
0
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?