නිදහස් සැමරුමට විරෝධය දක්වා යාපනයේ හර්තාල්

75 වන නිදහස් දින සැමරුමට විරෝධය පළ කරමින් යාපනයේ හර්තාල් ව්‍යාපාරයක් ආරම්භ කර තිබෙනවා.

අප වාර්තාකරුවන් සඳහන් කළේ යාපනයේ වෙළඳසැල් වසා දමා ව්‍යාපාරිකයන් හර්තාල් ව්‍යාපාරය සිදුකරන අතර මීට සමගාමීව යාපනය සරසවියේ ද කළු කොඩි ඔසවා ඇති බවයි.

යාපනය විශ්ව විද්‍යාල සිසුන් හා නැගෙනහිර විශ්ව විද්‍යාල සිසුන් එක්ව උතුරු නැගෙනහිර ජනතාවගේ ගැටළුවලට විසදුම් ලබාදෙන ලෙසට බල කරමින් අද විරෝධතා පාගමනක් ද ආරම්භ කළා.

ඔවුන් පාගමනින් යාපනය සිට මඩකලපුව දක්වා ගමන් කරන බවයි අප වාර්තාකරුවන් කියාසිටියේ.

ජාතික නිදහස් දිනය වර්ජනය කරමින් අද (04) දින කළු දිනයක් සේ සලකා යාපනයේ සිට මඩකලපුව දක්වා රජයට විරෝධය දක්වන විරෝධතා පෙළපාලිය ආරම්භ කෙරුණේ යාපනය විශ්වවිද්‍යාලය ඉදිරිපිටින්.

එය 7 වනදා මඩකලපුවෙන් අවසන් කිරීමට නියමිතයි.

මේ අනුව අද කිලිනොච්චිය පරන්තන් මංසන්ධය දක්වා මෙම පෙළපාලිය ගමන් කරන අතර හෙට (05) වව්නියාව සහ මන්නාරමෙන් ආරම්භ කෙරෙන පෙළපාලිය පරන්තන් වෙතට පැමිණීමෙන් අනතුරුව පරන්තන් සිට මුලතිව් දක්වා ගමන් කිරීමට නිමයිතයි.

06 වනදා මුලතිව් සිට ත්‍රීකුණාමලය දක්වා ගමන් කිරීමෙන් පසුව 07 වනදා ත්‍රීකුණාමලයේ සිට මඩකලුපව දක්වා ගමන් කර අවසන් කිරීමටයි සැලසුම් කර ඇත්තේ.

පෙළපාලියේ නිරත විරෝධතාකරුවන් කියාසිටින්නේ උතුරු නැගෙනහිර ආරක්ෂක අංශ විසින් අත්පත් කරගෙන සිටින ඉඩම් වහාම නිදහස් කිරීම, යුද හමුදා කඳවුරු ඉවත් කිරීම, යුද්ධයෙන් පසුව උතුරු නැගෙනහිර ජනතාවගේ ඉඩම් ගැටලු, දේශපාලන සිරකරුවන් නිදහස් නොවීම, අතුරුදහන් වූවන්ගේ නොවිසුඳුනු ගැටලු, දේශපාලනික ගැටලු ඇතුළු ගැටලු රැසක් පැවතිය ද කිසිදු රජයක් මෙතෙක් විසඳුමක් ලබා නොදුන් බවයි.

මේ හේතුවෙන් උතුරු නැගෙනහිර ජනතාවට පිළිගත හැකි විසඳුමක් ලබාදෙන ලෙස ඉල්ලා ඉදිරියටත් අඛණ්ඩ අරගලයක යෙදෙන බව ඔවුන් ප්‍රකාශ කර තිබෙනවා. .

නිදහස් දින සැමරුමට විරුද්ධත්වය පළ කරමින් අද(04) යාපනය දිස්ත්‍රික්කයේ වෙළඳසැල් වසා දමා හර්තාලයක් කැඳවා තිබු අතර,ඊට සමගාමීව යාපනය විශ්ව විද්‍යාලයේ කළු කොඩි ඔසවා තිබූ බව සඳහන්.

කළු නිදහස් දිනයක් පවත්වන ලෙසට යාපනය විශ්ව විද්‍යාල ශිෂ්‍ය සංගමය පසුගියදා උතුරු නැගෙනහිර ජනතාවගෙන් ඉල්ලීම් කර තිබුණා.

එහෙත් උතුරු පළාතේ යාපනය දිස්ත්‍රික්කයේ වෙළඳ ව්‍යාපාරිකයින් පමණක් හර්තාලය කැඳවා තිබු අතර, වවුනියාව, මන්නාරම, කිලිනොච්චිය හා මුලතිව් දිස්ත්‍රික්කයන්හි වෙළඳසැල් සාමාන්‍ය පරිදි විවෘත කර ඇති බවයි අප වාර්තාකරුවන් කියාසිටියේ.

අතුරුදහන්වු තම ඥාතීන් නැවත පැමිණෙන තෙක් තමන්ට නිදහසක් නොමැති බව සඳහන් කරමින් වවුනියාව දිස්ත්‍රික් අතුරුදහන්වූවන්ගේ ඥාතීන් ඊයේ (03) වවුනියාව තැපැල් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක නිරත වුණා.

හිටපු උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සි.වි.විග්නේශ්වරන් මහතා අදාළ විරෝධතා සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියාසිටියේ පැවති රජයන් හා වර්තමාන රජයන් දෙමළ ජනතාවගේ ගැටළු වෙනුවෙන් ස්ථිර විසදුමක් ලබා නොදීම පිළිගත නොහැකි බවයි.

අලුතින් සන්ධානගත වු දෙමළ ජාතික සන්ධානය හා දෙමළ ජාතික සන්ධානයෙන් ඉවත්වු ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයද කළු නිදහස් දින විරෝධතා වෙනුවෙන් එක්වන බව අදාළ පක්ෂ නියෝජිතයින් සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.10
00:00
Video thumbnail
ස්කූටරයකින් ඇවිත් අත් බෝම්බයකින් නිවසකට ප#ර දුන් අයුරු - සියල්ල CCTV කැමරාවේ
00:47
Video thumbnail
මේවට ඇඟිල්ල ගහන්න එපා කියලා මට කිව්වා - එකෝ පාලම හදලා දෙන්න නැත්තම් ගලවගෙන යන්න
09:49
Video thumbnail
රිමාන්ඩ් වුණ නාමල් රාජපක්ෂ අදත් උදෙන්ම පාර්ලිමේන්තුවට
00:56
Video thumbnail
විසි දෙනෙකු රෝහලට යැවූ බිහිසුණු බස් අනතුර
00:51
Video thumbnail
විසි දෙනෙකු රෝහලට යැවූ මින්නේරියේ බිහිසුණු බස් අනතුර - බස් ‍රථයක් ඇලකට පෙරලෙයි
01:26
Video thumbnail
නාමල්ව ඉස්සෙල්ලම ඇතුළට ගත්තේ යහපාලනයෙන් - පරික්ෂණ කිරීම ගැන අපේ විරෝධතාවක් නෑ
03:14
Video thumbnail
"ජනාධිපතිතුමාට ජනතාවගේ ඇති සැබෑ ආදරය මෙයයි"
00:23
Video thumbnail
නාමල් ගැන අහද්දි රංජිත් දුන්න පිළිතුර - හොරු අල්ලන්න - විපක්ෂය මර්දනය කරන්න දෙන්නේ නෑ
01:58
Video thumbnail
මොරටුව සලිත කළ වෙ#ල්ලේ CCTV දර්ශන එළියට
00:30