spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

නිදහස් පක්ෂ නව මහ ලේකම්ට එරෙහි වාරණ නියෝගය දීර්ඝ කෙරේ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව මහ ලේකම්වරයා ලෙස පත් කෙරුණු සරත් ඒකනායකට එම ධුරයේ කටයුතු කිරීම වළක්වාලමින් පනවා තිබෙන වාරණ නියෝගය ඔක්තෝබර් මස 06 වනදා දක්වා දීර්ඝ කරන ලෙස කොළඹ දිසා අධිකරණය නියම කළා.

සිය පක්ෂ සාමාජිකත්වය සහ මහ ලේකම් ධූරය අත්හිටුවීමට පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන විසින් ගනු ලැබූ තීරණය අභියෝගයට ලක්කරමින් දයාසිරි ජයසේකර ඉදිරිපත් කළ නඩුවක් අද (22) යළි කැඳවීමෙන් අනතුරුව කොළඹ දිසා විනිසුරු සදුන් විතාන මහතා මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.

අදාළ වාරණ නියෝගය දීර්ඝ කිරීමට තමා විරුද්ධ වන බව විත්තිකාර මෛත්‍රීපාල සිරිසේන වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා දැනුම් දුන්නා.

ඒ, අනුව විරෝධතාවලට යටත්ව අදාළ වාරණ නියෝගය ඔක්තෝබර් මස 06 වනදා දක්වා දීර්ඝ කිරීමට ද විනිසුරුවරයා නියෝග කළා.

නඩුවට අදාළ විරෝධතා සහ උත්තර මීළඟ නඩු දිනයේ ඉදිරිපත් කරන ලෙසත් විනිසුරුවරයා විසින් පාර්ශවකරුවන්ට නියෝග කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?